Close Menu
Lanka Focus News
    What's Hot

    ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

    October 1, 2026

    නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් පාරිභෝගික අධිකාරිය භාරයට

    September 30, 2026

    ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තැන තැන ගිගුරුම් සහිත වැසි

    September 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
    Sport

    ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    By LFNOctober 16, 2024No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (15) පැවැති දෙවන T20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    සුපිරි පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 09කට කඩුලු 03ක් දවාගත්තේය.

    කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය.

    පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගත්තේය.

    තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 163කි.

    ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ සුපිරි පන්දුයැවීම හමුවේ කොදෙව්වන්ට පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89ක් පමණි.

    මහීෂ් තීක්ෂණ ලකුණු 7කට කඩුලු 02ක්, චරිත් අසලංක ලකුණු 6කට කඩුලු 2ක්, වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 2ක් සහ මතීෂ පතිරණ ලකුණු 12කට එක් කඩුල්ලක් ලබා ගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,424 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

    October 1, 202601 Views

    දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක ප්‍රමුඛ වගකීම බව අදට…

    නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් පාරිභෝගික අධිකාරිය භාරයට

    September 30, 2026

    ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තැන තැන ගිගුරුම් සහිත වැසි

    September 29, 2026

    දිස්ත්‍රික්ක හතකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

    September 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.