Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»බ.ඉ. කොදෙව්වන්ට පහසු ජයක්
    Sport

    බ.ඉ. කොදෙව්වන්ට පහසු ජයක්

    By LFNOctober 14, 2024No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය.

    මෙම තරගය දඹුල්ලේදී ඊයේ (13) රාත්‍රියේදී පැවැත්විණි.

    මෙහිදී පළමු පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය පන්දුවාර 19.1කදී පසුකර යාමට කොදෙව් කණ්ඩායමට හැකිවිය.

    ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං හා එවින් ලුවිස් සමත් වූහ.

    ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 55කින් ලකුණු 107ක සබඳතාවක් පැවැත් වූහ.

    ඉන් බ්‍රෙන්ඩන් කිං පන්දු 33කින් ලකුණු 63ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 11ක් ඇතුළත් විය.

    එමෙන්ම ලුවිස් ලකුණු 50ක් රැස්කළ අතර, පන්දු 28කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඇතුළත් විය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් තරමක හෝ පන්දු යැවීමෙන් සාර්ථක වූ මතීෂ පතිරණ ලකුණු 27කට කඩුලු 2ක් දවාගත්තේය.

    මෙහිදී කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස්කිරීමට සමත් විය.

    මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය අතර 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම පෙරමුණ ගත්තේය.

    තරගයේ වීරයා ලෙස බ්‍රෙන්ඩන් කිං සම්මාන දිනාගත්තේය.

    දෙරට අතර දෙවැනි විස්සයි20 තරගය අනිද්දා (15) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

    May 19, 2026

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්

    May 18, 2026

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.