Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රාස්සගල වතුයායේ ජිවිත අවධානමක්
    Hot News

    රාස්සගල වතුයායේ ජිවිත අවධානමක්

    By LFNOctober 12, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අර්ධ රාජ්‍ය වතුයායක් වන රත්නපුර, බලංගොඩ රාස්සගල වතුයායේ මැද්දෙ කන්ද කොටසේ ලැයිම් කාමර අංක 08හි මේ වන විට බිත්ති ඉරිතලා ගොස් ඇති බවත්, මෙහි පවුල් 05 ක පුද්ගලයින් 22 දෙදෙනෙකු ජිවිත අවධානමක් සහිතව පදිංචි වී සිටින බවට වාර්තාවේ.

    මෙම අවධානම් තත්වය පිළිබඳව පොල්වතුගොඩ ග්‍රාම නිලධාරී වරිය සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් මෙන්ම රාස්සගල වතුඅධිකාරිවරයා දැනුවත් කර ඇතත්, මේ වන තෙක් ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබාදී නොමැති බවට ප්‍රදේශවාසීන් විසින් ප්‍රකාශ කර සිටී.

    වර්ෂාව පවතින කාලයන්හිදී මොහුන් මැද්දේකන්ද විද්‍යාලයේ තාවකාලිකව පදිංචිව සිටින අතර, මොවුන් පදිංචි වී සිටින මෙම ලැයිම් කාමර වසර 100 කට වඩා පැරණි බැවින්, මේ වන විට එම ලයින් කාමර ගරා වැටෙමින් පවතින බවට වාර්තාවේ.

    මෙම තත්වය සඳහා නිසි විසඳුමක් ලබාදීමට වගකිව යුතු අංශ මගින් ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදී වතු කාර්යාලය ඉදිරිපිටදී වතු කම්කරුවන් විසින් විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට අනාවරණය වන අතර ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට අදාල බලධාරීන් අවධානය කඩිනමින් යොමු වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.