Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 2026

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ජනපති අද ජාතිය අමතයි
    Hot News

    ජනපති අද ජාතිය අමතයි

    By LFNSeptember 25, 2024No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය.

    මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පසුගිය 21 වනදා පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 5,740,179ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළේය.

    ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර, ‍ඊයේ (24) මාධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දසවන වගන්තියේ විධිවිධාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    ඒ අනුව නව පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමට අදාළ මහ මැතිවරණයේ නාම යොජනා භාරගැනීම ඔක්තෝම්බර් මස 04 වනදා සිට ඔක්තෝම්බර් මස 11 වන දින දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිතය.

    මැතිවරණ කොට්ඨාස 22 අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙණු ඇත.

    මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

    මහ මැතිවරණයෙන් පත්වන අභිවන 10 වන පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වන දින රැස්වීමට නියමිතය.

    මේ අතර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා 2025 අයවැය පුරෝකථනවල දී රුපියල් බිලියන 11ක් අවශ්‍ය බවට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    කොළඹ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 202604 Views

    රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.…

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.