Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 2025

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද
    Hot News

    9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද

    By LFNSeptember 21, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි.

    ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතව තිබේ.

    මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙවර ඉදිරිපත්ව ඇත.

    ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් එක් අපේක්ෂකයෙක් වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ අභාවයත් සමග එය 38 දක්වා අඩු විය.

    මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354කි.

    මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්දදායකයින් සහිත දිස්ත‍්‍රික්කය බවට ගම්පහ දිස්ත‍්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    කොළඹ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,765,351 කි.

    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,417,226 දෙනෙකු වන අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 1,191,399 කි.

    කළුතර දිස්ත‍්‍රික්කයෙන් 1,024,244, රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් 923,736, ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් 903,163, අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් 741,862, සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් 709,622 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබේ.

    බදුල්ල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 705,772ක් සහ මාතර දිස්ත‍්‍රික්කයේ සංඛ්‍යාව 686,175ක් ලෙස සුදුසුකම් ලබා තිබේ.

    පුත්තලම දිස්ත‍්‍රික්කයේ හය ලක්ෂ 63,673 දෙනෙකු, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ 605,292 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇත.

    යාපනය සහ කිලිනොච්චිය ඇතුළත් යාපනය මැතිවරණ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 593,187 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 555,432 දෙනෙකු වන අතර හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 520,940කි.

    මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 449,686කි.

    මාතලේ දිස්ත‍්‍රික්කයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 429,991 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

    මොනරාගල දිස්ත‍්‍රික්කයේ එම සංඛ්‍යාව 399,166 දෙනෙකි.

    පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 351,302 දෙනෙකු වන අතර ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 315,925 දෙනෙකු වේ.

    අඩුම ඡන්ද දායකයින් පිරිසක් සහිත මැතිවරණ දිස්ත‍්‍රික්කය බවට පත්ව ඇත්තේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත‍්‍රික්කය වන අතර එහි ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081ක් බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.

    මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වැඩිම ඡන්දදායකයින් පිරිසක් සහිත ඡන්ද බලප‍්‍රදේශය බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෝමාගම ඡන්ද බල ප්‍රදේශය වන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 215,075 දෙනෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්

    December 3, 2025

    ආපදා මරණ 400 ඉක්මවයි – 336ක් අතුරුදන්

    December 2, 2025

    ආපදා මරණ 350 ඉක්මවයි – 366ක් අතුරුදන්

    December 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 20250122 Views

    දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී…

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට

    December 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.