Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පෞද්ගලික සමාගමක් ගොඩ කර ඇති බතලගොඩ වැව (ඡායාරූප)
    Hot News

    පෞද්ගලික සමාගමක් ගොඩ කර ඇති බතලගොඩ වැව (ඡායාරූප)

    By LFNSeptember 12, 2024Updated:September 13, 2024No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිරියාල ගොවි ජනතාවට ගොවිතැන් සඳහා කුඹුරු අක්කර 8000 කට පමණ යල, මහ කන්නයන් සඳහා ජලය සපයන එකම ජලාශය වන බතලගොඩ වැවේ භූමි භාගය දිනෙන් දින අඩු වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් මැසිවිලි නගයි.

    2006 වර්ෂයේදි බතලගොඩ වැව් ඉස්මත්තේහි වැව්තාවුල්ල ආශ්‍රිතව එක්තරා පෞද්ගලික සමාගමක් විසින් අක්කර එකහමාරක පමණ ප්‍රමාණයක් ගොඩ කර කාබනික පොහොර කම්හලක් ආරම්භ කර ඇති බවත්, එමඟින් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට මෙන්ම වැවේ මත්ස්‍ය සම්පතට එල්ල වූ හානිකර තත්ත්වය හේතුවෙන් මහජන විරෝධය එල්ල කර ඇති අතර, එම කම්හල 2010 වසරේදී අදාළ සමාගම විසින් ඉවත් කර ඇති නමුත්, කම්හල ඉදි කිරිම සඳහා පස් දමා ගොඩ කර වැව් ඉස්මත්තෙහි ඇති පස් නැවත ඉවත්කොට එම ප්‍රදේශය වැවට සම්බන්ධ කර යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර නොමැති බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටී.

    එමෙන්ම, කාබනික පොහොර කම්හල වසා දමා භූමිය පෙර තිබූ තත්ත්වයට පත් කරන බව හිරියාල වාරිමාර්ග ඉන්ජිනේරුවරයා විසින් ලිඛිතව “බතලගොඩ මිරිදිය මසුන් ඇල්ලීමේ සමුපකාර සමිතිය” වෙත සහ වෙනත් ආයතන වෙත පොරොන්දු වී ඇතත්, එම පොරොන්දුව මේ වන තුරු ඉටු කර නොමැති බවත්ය.

    කෙසේ වෙතත්, අදාල වැව යථා තත්වයට පත් කිරීමට නිසි බලධාරීන්ගේ අවධානය යොමු කිරීම මෙි වන විට දැඩි අවශ්‍ය තත්වයක් බව අප පෙන්වා දෙමු.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.