ලුණුගම්වෙහෙර අග්බෝපුර ග්‍රාම නිලධාරී වසමේ වෙහෙර කඩවර වනඅලි කළමනාකරණ රක්ෂිතයට මායිම්ව පිහිටා ඇති මහ පැලැස්ස වැව සංවර්ධනය කරන මුවාවෙන් මහා පරිමානයෙන් පස් ජාවාරමක් සිදුවන බවට ප්‍රදේශවාසීන් විසින් සදහන් කර සිටි.
වසර 03 ක කාලයක් තුල පස් කියුබ් 4500 ක් කපා ගැනීමට වීරවිල ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හට වාචිකව ලබාදි ඇති අවසරය මත මාස 06 ක් ඇතුලත පස් ප්‍රමාණය කපා ඉවත් කරගෙන ඇතත් මේ වන විට ලුණුගම්වෙහෙර කඩවර වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රදේශයෙන් පස් කැපීමේ කටයුතු සිදුකරනු ලබන බවත්, වනාන්තර භූමියෙන් පස් රැඟෙන යාම සඳහා මේ වන විට එම රක්ෂිතයේ විශාල ගස් හා ලඳු කැලෑඳ විනාශ කර ඇති බවටත් ප්‍රදේශවාසින් අප වෙත වාර්තා කර සිටී.
උක්ත රක්ෂිතයේ පස් කැපීම මඟින් වන අලි ගම්වැදී වගාවන් විනාශ කිරීම, දේපල හානි කිරීම වැලැක්වීමට කටයුතු කරන ලෙසත්, මෙම පස් ජාවාරම්කටයුතුවලට මහජන නියෝජිතයින්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙන්ම ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරවන ආරක්ෂක අංශවලින් ලැබෙන සහයෝගය හේතුවෙන් රක්ෂිතය දිනෙන් දින විනාශයට ලක්වෙමින් පවතින බවත් මේ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීන් අදාල බලධාරීන් හට බලකර සිටි.