Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අනුරපුරේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ ජාවාරමක් (ඡායාරූප)
    Hot News

    අනුරපුරේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ ජාවාරමක් (ඡායාරූප)

    By LFNSeptember 5, 2024Updated:September 5, 2024No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර නගරයේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ උපක්‍රමයක් ලෙස කුඹුර ගොඩ කිරීමට පෙර කුඹුර වටා තාප්ප බැඳ පසුව එම කුඹුරු ගොඩ කිරීමේ ජාවාරමක් සිදු කිරීමට කුඹුරු ඉඩම් හිමියන් කටයුතු කරමින් සිටින බවට අනාවරණය වේ.

    කුඹුරු ඉඩම් වටා තාප්ප ඉදිකිරිම අධිකරණය මඟින් තහනම් ඇති අතර අනුරාධපුර, කුරුණෑගල පුත්තලම් මාර්ගයේ මල්වතු ඔය අසල කුඹුරක් ක්‍රමානුකූලව වංචනිකව ගොඩ කරමින් සිටින බවත්, අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ඉන්ධන පිරවුම්හල අසල කුඹුරු යායේ එක් කොටසක් පස් පුරවා ගොඩකර ඇති බවත්, එම කුඹුරු ඉඩමෙහි පස් පිරවීමට අමතරව මේ වන විට කුඹුර සහිත ඉඩම වටේ තාප්පයක් ඉදිකිරිමේ කටයුතු වල නියැළෙමින් සිටින බවටත් වාර්තා වේ.

    ඇතැම් නිලධාරීන් යම් යම් වරදාන, වරප්‍රසාද සහිතව අනුරාධපුර ප්‍රදේශයේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ ජාවාරමට සහාය දක්වන බවත්, කෘෂිකර්ම කමිටුව මඟින් අනුමත නොකළ ඇතැම් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි.

    එමෙන්ම වාරි ජලය ලබාගත හැකි කුඹුරු සඳහා ජලය ලබා ගැනීමට අපහසු බවට සඳහන් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිර්දේශය ලබා දීමෙන් පසු කුඹුරු ඉඩම් ගොඩ කර ඇති බවට ද ප්‍රදේශවාසීන් සඳහන් කර සිටී.

    මේ අතර අනුරාධපුර සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයා විසින් මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අනුරාධපුරය දෙකේ කණුව කුඹුරු මැද තාප්පයක් ඉදි කළ ඉඩම පිළිබඳව අධ්‍යයනයක් සිදු නොකළ බවත්, ශ්‍රාවස්තිපුර කුඹුරු ඉඩම ගොඩ කිරිම අධිකරණ නියෝගයකින් තහනම් කරන ලද කුඹුරු ඉඩම පිළිබඳව වහාම සොයා බලන බවටත්ය.

    ඉදිකිරිම් සිදු නොකර ගොඩ කරමින් ඇති කුඹුරු ගොඩ කිරීම සහ ඉදිකිරීම් නතර කර රජය මඟින් අමාත්‍යාංශ මට්ටමෙන් පරික්ෂණ පවත්වා ගොඩ කිරීමට සුදුසු නම් පමණක් අවසර ලබා දෙන ලෙසට නගර වාසීහු ඉල්ලා සිටින අතර කුඹුරු ඉඩම් වසර ගණනාවක සිට පුරන්වීමට ඉඩ තබා ගොඩ කිරීමේ උපක්‍රමික ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් නගරවාසීන් විසින් ප්‍රකාශ කර සිටී.

    කෙසේ වෙතත් අදාල බලධාරීන් විසින් මේ පිළිබදව නිසි විමර්ෂණයක් සිදු කරමින් නිසි කටයුතු සලසනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය දෙවන දිනටත්

    June 6, 2025

    බදු මුදල් ගෙවන සියලුදෙනාට ජනපතිගෙන් ආරාධනයක්

    June 2, 2025

    මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

    May 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,916 Views
    Don't Miss

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 20250119 Views

    ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ…

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025

    දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.