Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
    Sport

    පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

    By LFNAugust 25, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත්වුණි.

    ඒ අනුව, තරග 3කින් සමන්විත එම තරගාවලියේ 1 – 0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තය කණ්ඩායමයි.

    ඊයේ දිනය අරම්භ කරන විට ශ්‍රී ලංකා පිල දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා සිටියේය.

    ඊයේ දිනයේදී එංගලන්ත පන්දුයවන්නන්ට මැනවින් පහරදුන් චන්දිමාල් සහ කමිඳු ශ්‍රී ලංකා දෙවන ඉනිමට නව ජීවයක් එක් කළේ පළමු භාගයේදි කිසිදු කඩුල්ලක් ලබා නොදමිනි.

    ඔවුන් 8 වැනි කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම සවමිත් කළේය.

    චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 27 වැනි අර්ධ ශතකය අද වාර්තා කළ අතර සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 3වැනි ශතකය ලබාගත්තේ වාර්තාවක් ද තබමිනි.

    ඒ රසල් ආර්නල්ඩ්ගෙන් පසු ඕල්ඩ් ට්‍රැෆඩ් පිටියේ දී ටෙස්ට් ශතකයක් ලබාගත් දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසටයි.

    කමිඳු ලකුණු 113ක් රැස් කළ අතර චන්දිමාල් ලකුණු 79ක් රැස්කළේය.

    මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 236ක් රැස් කළේය.

    ඊට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 358ක් රැස් කිරීමට සමත්වුණි.

    ලකුණු 122ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ලකුණු 326ක් රැස් කළේ එංගලන්ත කණ්ඩායමට ලකුණු 205ක ඉලක්කයක් ලබාදෙමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.