Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 2025

    රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

    August 20, 2025

    යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී

    August 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
    Sport

    පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

    By LFNAugust 25, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත්වුණි.

    ඒ අනුව, තරග 3කින් සමන්විත එම තරගාවලියේ 1 – 0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තය කණ්ඩායමයි.

    ඊයේ දිනය අරම්භ කරන විට ශ්‍රී ලංකා පිල දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා සිටියේය.

    ඊයේ දිනයේදී එංගලන්ත පන්දුයවන්නන්ට මැනවින් පහරදුන් චන්දිමාල් සහ කමිඳු ශ්‍රී ලංකා දෙවන ඉනිමට නව ජීවයක් එක් කළේ පළමු භාගයේදි කිසිදු කඩුල්ලක් ලබා නොදමිනි.

    ඔවුන් 8 වැනි කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම සවමිත් කළේය.

    චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 27 වැනි අර්ධ ශතකය අද වාර්තා කළ අතර සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 3වැනි ශතකය ලබාගත්තේ වාර්තාවක් ද තබමිනි.

    ඒ රසල් ආර්නල්ඩ්ගෙන් පසු ඕල්ඩ් ට්‍රැෆඩ් පිටියේ දී ටෙස්ට් ශතකයක් ලබාගත් දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසටයි.

    කමිඳු ලකුණු 113ක් රැස් කළ අතර චන්දිමාල් ලකුණු 79ක් රැස්කළේය.

    මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 236ක් රැස් කළේය.

    ඊට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 358ක් රැස් කිරීමට සමත්වුණි.

    ලකුණු 122ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ලකුණු 326ක් රැස් කළේ එංගලන්ත කණ්ඩායමට ලකුණු 205ක ඉලක්කයක් ලබාදෙමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

    July 15, 2025

    ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

    July 13, 2025

    ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම් නිස්සංකත්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 20250140 Views

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.…

    රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

    August 20, 2025

    යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී

    August 20, 2025

    ජනපති තැපෑල ගැන කතා කරයි

    August 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.