Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 2025

    රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

    August 20, 2025

    යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී

    August 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236කට සීමාවෙයි
    Sport

    ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236කට සීමාවෙයි

    By LFNAugust 22, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී ඊයේ (21) ආරම්භ වුණි.

    එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත්වූ අතර ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය.

    ඒ අනුව ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 236ක් පමණි.

    පළමු ඉනිමේ පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ අසාර්ථක වූ අතර දිමුත් , නිෂාන් මදුෂ්ක , මැතිව්ස් , කුසල් මෙන්ඩිස් හා චන්දිමාල් ලකුණු 72ක් තුළ දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්විය.

    විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 84ක් තුළ ලකුණු 74ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබීය.

    සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වූ මිලාන් රත්නායක ධනංජයට අනගි සහායක් ලබාදෙමින් පන්දු 135ක් තුළ ලකුණු 72ක් ලාබා ගත්තේය.

    එහිදී සිය මංගල ටෙස්ට් තරගයට එක්වූ මිලාන් රත්නායක සිය පළමු අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 96කිනි.

    ඉනිමේ පළමු 6 පහරද වාර්තා කළ මිලාන් සිය අර්ධ ශතකය වෙනුවෙන් 6 පහර 01ක් සහ 4 පහර 5ක් ලබා ගත්තේය.

    දකුණතින් මදවේග පන්දුයවන ඔහු වාරියපොළ සුමංගල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

    අද තරගයේ දෙවෙනි දිනයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

    July 15, 2025

    ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

    July 13, 2025

    ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම් නිස්සංකත්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 20250140 Views

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.…

    රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

    August 20, 2025

    යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී

    August 20, 2025

    ජනපති තැපෑල ගැන කතා කරයි

    August 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.