Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අනපේක්ෂිත පරාජයක්
    Sport

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අනපේක්ෂිත පරාජයක්

    By LFNAugust 19, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හර්ෂිතා සමරවික්‍රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ ක්‍රීඩිකාවන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 15ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට ඊයේ (18) සිදුවිය.

    ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට හැකිවිය.

    මෙය අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ පළමු එක්දින තරගාවලි පරාජය ලෙසින් වාර්තා අතරට එක්විය.

    එමෙන්ම මෙම තරගාවලියට පෙර අයර්ලන්ත කාන්තා කණ්ඩායමක් හමුවේ ඔවුන් එකඳු එක්දින තරගයක් පරාජය වී නොතිබුණි.

    බෙල්ෆාස්ට්හිදී පැවති මෙම තරගයේ අයර්ලන්තයෙන් හිමි වූ ලකුණු 256ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 48කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 240ක් පමණි.

    ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම අගනා ලකුණු 105ක් හා කවීෂා දිල්හාරි ලකුණු 53ක් රැස්කළත්, පසුපෙළ ක්‍රීඩිකාවන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් නොතිබූ පරාජයක් භාරගැනීමට සිදුවිය.

    ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 46ක් තුළ බිඳවැටුණද, තෙවැනි කඩුල්ලට හර්ෂිතා හා කවීෂා ලකුණු 126ක සබඳතාවක් ගොඩගමින් ගිලිහී යමින් තිබූ තරගය නැවත ශ්‍රී ලංකාව දෙසට හැරවූහ.

    ඒ හේතුවෙන් මුළු ලකුණු 172ක් වනවිට කවීෂා දැවීගියද, එය ශ්‍රී ලංකා පරාජයට හේතුවක් නොවුණි.

    කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 210ක් එක්ව තිබියදී සිය කුළුදුල් එක්දින ශතකය රැස්කරගෙන සිටි හර්ෂිතා ලකුණු 105දී දුවද්දී දැවීයාමකට ලක්වීමත් සමග තරගයේ වාසිය අයර්ලන්තය දෙසට හැරුණි.

    ඇගේ දැවීයාමෙන් පසු ඉනිමට තවත් ලකුණු 30ක් එක්වද්දී ඉතිරි කඩුලු පහම දවාගැනීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.

    ඉන් කඩුලු 04ක්ම බිඳ වැටුණේ ලකුණු 04ක් තුළදී වීම විශේෂත්වයකි.

    අවසන් කඩුල්ලට උදේෂිකා ප්‍රබෝධනී හා නිලක්ෂි සිල්වා ලකුණු 26ක සබඳතාවක් පැවැත් වූ අතර, ජයග්‍රහණයට ලකුණු 16ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකාරිනිය වූ උදේෂිකා දැවී ගියාය.

    ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කර ආසියානු විස්සයි20 ශූරියන් ලෙසින් අයර්ලන්ත සංචාරය ඇරඹූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරග 02කින් විස්සයි20 තරගාවලියද තරග 1-1ක් ලෙසින් සම තත්ත්වයෙන් අවසන් කරගැනීමට සිදුවිය.

    එමෙන්ම ඔවුන් අයර්ලන්තට එරෙහිව එක්දින තරගාවලිය ආරම්භ කළේද වත්මන් කාන්තා එක්දින පිටියේ ප්‍රබල කණ්ඩායමක් ලෙසිනි.

    ශ්‍රී ලංකාව මෙම තරගාවලිය ආරම්භ කරන විට නවසීලන්තය මෙන්ම බ.ඉ. කොදෙව්වන්ටත් වඩා ඉදිරියෙන් සිටිමින් ලෝක ශ්‍රේණිගතකිරීම්හි 05වැනි ස්ථානයේ රැඳී සිටියේය.

    කෙසේ නමුත් අයර්ලන්තයට එම ශ්‍රේණිගත කිරීම්හි හිමිව තිබුණේ 11වැනි ස්ථානයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.