Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

    December 8, 2025

    ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 8, 2025

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාවට කඩුලු 03ක පරාජයක්
    Sport

    ශ්‍රී ලංකාවට කඩුලු 03ක පරාජයක්

    By LFNAugust 17, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් කඩුලු 03ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (16) සිදුවිය.

    අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 261ක ඉලක්කය කඩුලු 07ක් දැවී තිබිය දී තරගයේ 49.2වැනි පන්දුවාරයේදී පසුකර යෑමට අයර්ලන්තය සමත් විය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි ලකුණු 54කට කඩුලු 04ක් බිඳහෙළමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වුව ද, සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ Orla Prendergast ගේ ඉනිම හේතුවෙන් පරාජය භාරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

    මෙම තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළාය.

    ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 08ක් දැවී ලකුණු 260ක් රැස්කිරීමට සමත් විය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න ලකුණු 101ක් රැස් කළාය.

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාව ද මෙය වෙයි.

    දෙරට අතර පළමුව පැවැති තරග 02කින් යුත් විස්සයි20 තරගාවලියද තරග 1-1ක් ලෙසින් සමසමව අවසන් විය.

    එමෙන්ම මෙය අයර්ලන්ත හමුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයක් පරාජය වූ පළමු අවස්ථාව ද වෙයි.

    මීට පෙර දෙරට අතර (2007-2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පවත්වා ඇති අතර එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

    December 8, 20250112 Views

    පනාමුර මිද්දෙණිය මාර්ගයේ ලේල්ලවල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයින්…

    ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 8, 2025

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 2025

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.