Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

    February 17, 2026

    දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට – දුම්රියත් පීලි පනී

    February 17, 2026

    පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා

    February 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාවට කඩුලු 03ක පරාජයක්
    Sport

    ශ්‍රී ලංකාවට කඩුලු 03ක පරාජයක්

    By LFNAugust 17, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් කඩුලු 03ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (16) සිදුවිය.

    අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 261ක ඉලක්කය කඩුලු 07ක් දැවී තිබිය දී තරගයේ 49.2වැනි පන්දුවාරයේදී පසුකර යෑමට අයර්ලන්තය සමත් විය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි ලකුණු 54කට කඩුලු 04ක් බිඳහෙළමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වුව ද, සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ Orla Prendergast ගේ ඉනිම හේතුවෙන් පරාජය භාරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

    මෙම තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළාය.

    ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 08ක් දැවී ලකුණු 260ක් රැස්කිරීමට සමත් විය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න ලකුණු 101ක් රැස් කළාය.

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාව ද මෙය වෙයි.

    දෙරට අතර පළමුව පැවැති තරග 02කින් යුත් විස්සයි20 තරගාවලියද තරග 1-1ක් ලෙසින් සමසමව අවසන් විය.

    එමෙන්ම මෙය අයර්ලන්ත හමුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයක් පරාජය වූ පළමු අවස්ථාව ද වෙයි.

    මීට පෙර දෙරට අතර (2007-2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පවත්වා ඇති අතර එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

    February 17, 20260118 Views

    නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු, කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට…

    දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට – දුම්රියත් පීලි පනී

    February 17, 2026

    පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා

    February 17, 2026

    එළැඹෙන 20 සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා කොළඹට

    February 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.