Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

    January 24, 2026

    එජාපය සහ සජබය අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක්

    January 24, 2026

    මෝර මසුන් තොගයක් සමඟ පුද්ගලයින් 7ක් කොටුවෙයි

    January 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»තේ වෙනුවට කසිප්පු විකිණු මහනුවර හෝටලය
    Gossip

    තේ වෙනුවට කසිප්පු විකිණු මහනුවර හෝටලය

    By LFNJuly 23, 2024Updated:July 24, 2024No Comments2 Mins Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ හෝටලයක කාලයක් පුරා සිදුකළ කසිප්පු ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (22) සමත් විය.

    එම වැටලීමේ දී කසිප්පු බෝතල් 08ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    හෝටලයේ හිමිකරු සහ සේවකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සේවකයා කලක් යුද හමුදාවේ විශේෂ බළකායේ සේවයේ නිරතව සිට විශ්‍රාම ලැබූ අයෙකු බව පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇත.

    කිසිවෙකුට සැක නොසිතෙන පරිදි රට බීම බෝතල්වලට කසිප්පු දමා කාලයක් තිස්සේ සැකකරුවන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

    එමෙන්ම ගැනුම්කරුවෙකු පැමිණි විට හෝටලයේ තේ හදන ස්ථානයේ ඇති අඬු කෝප්පයකට දමා කසිප්පු ලබා දී තිබෙන බවත් දෛනිකව එම ස්ථානයේ කිසිප්පු බෝතල් 10ක් පමණ මේ ආකාරයට අලෙවි කර තිබෙන බවත් පොලීසිය පවසයි.

    මේ අතර මහනුවර මධ්‍යම වෙළෙඳපොළට පැමිණෙන ලොරි රථවලට භාණ්ඩ පැටවීම හා බෑම සිදුකරන නාට්ටාමිවරුන් මෙම ස්ථානයෙන් කසිප්පු පානය පෙරවරු 5.00ට පමණ ආරම්භ කරන බව වාර්තා වී ඇත.

    රුපියල් 1,200ක මුදලකට තමන් ලබා ගන්නා කසිප්පු බෝතලයක් කෝප්පවලට දමා විකිණීමෙන් රුපියල් 2,000ක පමණ මුදලක් ලැබෙන බවත් දිනකට බෝතල් 10ක් පමණ අලෙවි කර රුපියල් 8,000ක පමණ අමතර ආදායමක් හෝටලයේ හිමිකරු ලබා ගන්නා බවත් හෙළිව තිබේ.

    මහනුවර පොලීසිය පෙනෙන මානයේ ඇති මහනුවර මධ්යම වෙළෙඳ පොළ තුළ දීර්ඝ කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙම කසිප්පු ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාව මගින් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනූෂ පැල්පිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

    January 23, 2026

    අද උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

    January 23, 2026

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,418 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

    January 24, 20260133 Views

    ඉදිරි පැය 36 තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්…

    එජාපය සහ සජබය අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක්

    January 24, 2026

    මෝර මසුන් තොගයක් සමඟ පුද්ගලයින් 7ක් කොටුවෙයි

    January 24, 2026

    රිමාන්ඩ් භාරයේ සිටි කස්සප හිමි රෝහල්ගත කෙරේ

    January 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.