Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    June 20, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

    June 18, 2026

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»තේ වෙනුවට කසිප්පු විකිණු මහනුවර හෝටලය
    Gossip

    තේ වෙනුවට කසිප්පු විකිණු මහනුවර හෝටලය

    By LFNJuly 23, 2024Updated:July 24, 2024No Comments2 Mins Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ හෝටලයක කාලයක් පුරා සිදුකළ කසිප්පු ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (22) සමත් විය.

    එම වැටලීමේ දී කසිප්පු බෝතල් 08ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    හෝටලයේ හිමිකරු සහ සේවකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සේවකයා කලක් යුද හමුදාවේ විශේෂ බළකායේ සේවයේ නිරතව සිට විශ්‍රාම ලැබූ අයෙකු බව පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇත.

    කිසිවෙකුට සැක නොසිතෙන පරිදි රට බීම බෝතල්වලට කසිප්පු දමා කාලයක් තිස්සේ සැකකරුවන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

    එමෙන්ම ගැනුම්කරුවෙකු පැමිණි විට හෝටලයේ තේ හදන ස්ථානයේ ඇති අඬු කෝප්පයකට දමා කසිප්පු ලබා දී තිබෙන බවත් දෛනිකව එම ස්ථානයේ කිසිප්පු බෝතල් 10ක් පමණ මේ ආකාරයට අලෙවි කර තිබෙන බවත් පොලීසිය පවසයි.

    මේ අතර මහනුවර මධ්‍යම වෙළෙඳපොළට පැමිණෙන ලොරි රථවලට භාණ්ඩ පැටවීම හා බෑම සිදුකරන නාට්ටාමිවරුන් මෙම ස්ථානයෙන් කසිප්පු පානය පෙරවරු 5.00ට පමණ ආරම්භ කරන බව වාර්තා වී ඇත.

    රුපියල් 1,200ක මුදලකට තමන් ලබා ගන්නා කසිප්පු බෝතලයක් කෝප්පවලට දමා විකිණීමෙන් රුපියල් 2,000ක පමණ මුදලක් ලැබෙන බවත් දිනකට බෝතල් 10ක් පමණ අලෙවි කර රුපියල් 8,000ක පමණ අමතර ආදායමක් හෝටලයේ හිමිකරු ලබා ගන්නා බවත් හෙළිව තිබේ.

    මහනුවර පොලීසිය පෙනෙන මානයේ ඇති මහනුවර මධ්යම වෙළෙඳ පොළ තුළ දීර්ඝ කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙම කසිප්පු ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාව මගින් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,606 Views
    Don't Miss

    සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    June 20, 202604 Views

    2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර…

    අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

    June 18, 2026

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.