චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පසුගිය 15 වනදා ආරම්භ වූ අතර එය ඊයේ (18) අවසන් විය.
එම සැසිය පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී චීන මාදිලියේ නවීකරණය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සඳහා ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ යෝජනාව සම්මත කිරීම විශේෂත්වයකි.
මේ අයුරින් චීනය ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමේ මූලික අරමුණු වන්නේ චීන ලක්ෂණ සහිත සමාජවාදය අඛණ්ඩව වැඩිදියුණු කිරීම බව වාර්තා වෙයි.
2035 වර්ෂය වනවිට සෑම ආකාරයෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැඟීම චීනයේ අරමුණ බවද මෙහිදී සඳහන් විය.
ඉදිරිපත් කළ යෝජනාවේ දක්වා ඇති ප්‍රතිසංස්කරණ සැලසුම් 2029 වසරේදී මහජන චීන සමූහාණ්ඩුව 80 වැනි සංවත්සරය සමරන අවස්ථාව වන විට සම්පූර්ණ කළ යුතු බවද මෙහිදී සඳහන් වූ බව චීන මාධ්‍ය සමූහය වාර්තා කරයි.