Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 2025

    රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

    August 20, 2025

    යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී

    August 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ටෙස්ට් පිටියෙන් සමුගත් විශිෂ්ටයා
    Sport

    ටෙස්ට් පිටියෙන් සමුගත් විශිෂ්ටයා

    By LFNJuly 14, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට පසුගිය (12) සමු දුන්නේය.

    ඔහු ටෙස්ට් පිටියට සමුදුන්නේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් වේගපන්දු යවන්නාට හිමි වාර්තාවද සිය නම ඉදිරියේ සටහන් කර ගනිමිනි.

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 121කින් ජය ගැනීමට එංගලන්තය ඊයේ සමත් විය.

    එම තරගය ජේම්ස් ඇන්ඩර්සන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වූ අවසන් ටෙස්ට් තරගය වූ අතර ඔහු එම තරගයේදී කඩුලු 4ක් දවා ගත්තේය.

    සිය ටෙස්ට් දිවියේ අවසන් තරගයට එක් වූ ජේම්ස් ඇන්ඩර්සන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයට රැස්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ ආචාර මැද සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය නිමා කළ අතර එම තරගය නැරඹීමට ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ද එක්විය.

    වසර 21ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය හැඩ කළ මෙම අසහාය පන්දුයවන්නා තව දින කිහිපයකින් සිය 42 වැනි වියට පා තබන අතර ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට දවාගෙන තිබූ කඩුලු සංඛ්‍යාව 704කි.

    මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන්ගෙන් පසු වැඩිම ටෙස්ට් කඩුලු ලාභින්ගේ ලැයිස්තුවේ 3 වැනි තැනට හිමිකම් කියූ ඇන්ඩර්සන්ට වැඩිම කඩුලු ලාභින්ගේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට තවත් අවශ්‍ය තිබුණේ කඩුලු 5ක් පමණි.

    ඒ අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු සඛ්‍යාවක් දවා ගත් වේගපන්දු යවන්නා ලෙස මතක රැසක් ඉතිරි කරමින් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

    July 15, 2025

    ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

    July 13, 2025

    ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම් නිස්සංකත්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 20250140 Views

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.…

    රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

    August 20, 2025

    යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී

    August 20, 2025

    ජනපති තැපෑල ගැන කතා කරයි

    August 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.