පාකිස්තානය තුළ විදේශ ආයෝජකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එරට වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සිය වාර්ෂික වාර්තාව මගින් අනාවරණයක් සිදුකර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හරහා රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය නරක අතට හැරී ඇති බව පෙන්වා දී ඇති බවය.
පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරයක් වන කරච්චි නගරයේ වීදි අපරාධ සිදුවීම්වල තියුණු වැඩිවීමක් ද ඇති බව ඉන් හෙළිකර තිබේ.
අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පාකිස්තානයට ව්‍යාපාර ආකර්ෂණය කරගැනීම සඳහා ආරක්ෂාව ඉතා වැදගත් බවය.