Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»LPL විනය නීති කඩ කළ වනිඳුට සහ බිනුරට දඩ
    Sport

    LPL විනය නීති කඩ කළ වනිඳුට සහ බිනුරට දඩ

    By LFNJuly 9, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.

    ඒ අනුව, වනිඳුට තරග මුදලින් සියයට 25ක දඩයක් සහ බිනුරට තරග මුදලින් සියයට 20ක දඩයක් නියම කෙරුණි.

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායම්වල ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳ මෙවර දැඩි අවධානයක් යොමු කිරීමට LPL තරග සංවිධායකයින් කටයුතු කරයි.

    ඒ අනුව ක්‍රීඩකයින්ගේ ඇඳුම් පැළඳුම් හා ක්‍රීඩා උපකරණ පිළිබඳවද දැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගෙන ඇති අතර කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අයත් නොවන හෙල්මටයක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් නායක වනිඳු හසරංගට තරග මුදලින් සියයට 25ක දඩයක් පැනවීමට පියවර ගැනුණි.

    ඒ ඇඳුම් පැළදුම් හා ක්‍රීඩා උපකරණ රෙගුලාසි උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේය.

    අමෙරිකානු ඩොලර් 3600ක් වූ එම දඩ මුදලේ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම ලක්ෂ 11කට ආසන්නයි.

    එමෙන්ම කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුටද එම නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් සියයට 20ක දඩයක් නියම කළේය.

    ඒ ජුලි 2 වැනිදා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ඔහු විනිසුරු උපෙදස්වලට අවනත නොවීම හේතුවෙනි.

    එමෙන්ම තරග පැවැත්වෙන දිනවලදී තරග අවසන් වනතුරු ක්‍රීඩාංගණය තුළදී ක්‍රීඩකයින්ට සෙරෙප්පු පැළඳීමද LPL තරග සංවිධායකයින් තහනම් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.