Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 2025

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රාජ්‍ය සේවා වෘත්තීය සමිති දැඩි තීරණයක
    Hot News

    රාජ්‍ය සේවා වෘත්තීය සමිති දැඩි තීරණයක

    By LFNJuly 8, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.

    රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් ලබාදී ඇති රුපියල් 25,000ක දීමනා ඉහළ නැංවීම සියලුම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.

    ග්‍රාම නිලධාරි, මිනින්දෝරු, සංවර්ධන නිලධාරි, තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගය සඳහා එක්වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

    මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය පළකරමින් ඊයේ (07) පස්වරු 4 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

    1980 වැඩ වර්ජනයෙන් පසුව මෙරට තුළ ක්‍රියාත්මක වන දැවැන්තම වැඩවර්ජනය බවට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පත්වනු ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේය.

    මේ අතර, සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත මහතා පැවසුවේ රාජ්‍ය සේවකයින් අද දිනයේ ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළකළ ද වර්ජනයකට ඔවුන් එක් නොවන බවය.

    මේ අතර ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ද ලබන 9 වනදා අඟහරුවාදා දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේය.

    රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ද අද සහ හෙට පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග එක් නොවීමට තීරණය කර ඇත.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු වෘත්තීය සමිතියක් මෙම වැඩ වර්ජනය සඳහා සහාය නොදක්වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.

    මෙම වැඩ වර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතාද පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්

    December 3, 2025

    ආපදා මරණ 400 ඉක්මවයි – 336ක් අතුරුදන්

    December 2, 2025

    ආපදා මරණ 350 ඉක්මවයි – 366ක් අතුරුදන්

    December 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 20250124 Views

    දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී…

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට

    December 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.