Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ගුරුවරුන් ට ජනපති සැරවෙයි
    Hot News

    ගුරුවරුන් ට ජනපති සැරවෙයි

    By LFNJuly 4, 2024No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට තමා ඉඩ නොතබන බවය.

    “විනයක් ඇතුව වැඩකරන්න. විනයක් නැතුව අධ්‍යාපන සේවයක් ගෙනියන්න බැහැ. මීට ඉස්සර ඇති වුණ වර්ජන… පාසල්වල ඒ වර්ජන හොඳ නෑ. හේතුවකුත් නැහැ. 2022දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ එකම පඩි වැඩිවීම දුන්නේ මේ ක්ෂේත්‍රයේ. මේ අවුරුද්දේ අපි හැමකෙනාටම රුපියල් 10,000 දීමනාවක් දුන්නා දෙපාරකට. අන්න ඒක කරලත් එදා වැඩවර්ජනයක් තිබ්බා පංති කාමරවලට ආවේ නැහැ. ඊළඟ දවසේ කාටවත් කියන්නේ නැතුව නැවැත්තුවා. දෙපාරක් දවස් කැඩුවා. කාටද මේ හානිය වුණේ. මේ සිසු සිසුවියන්ට විශේෂයෙන්ම රජයේ පාසල්වල ඉන්න සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ට. මට යාපනේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපි ඉඩදුන්නේ නැහැ මෙහෙම වැඩවර්ජනය කරන්න. ඔක්කොම ආවා. ඔක්කොම පාසල් ගෙනිච්චා. මුස්ලිම් පාසල් ගණනාවකුත් ගෙනිච්චා. අපේ ගෙදර ළඟ තියෙනවා ලේඩිස් කොලේජ් එක, ඒ වගේම අනෙක් පුද්ගලික පාසල් සියල්ලම ගෙනිච්චා. මොකක්ද මේ මිනිස්සු කළේ ? මේ නායකයෝ කළේ සිංහල මාධ්‍යයේ පාසල් ඔක්කොම නැවැත්තුවා. ශිෂ්‍ය නායකින් කිහිපදෙනෙක් ඇහුවා ජනාධිපති, අපි ගිහින් උගන්වන්න ද මේ අයට කොහොම ද මේ අයට විනය තියාගන්නේ කියලා. ඒ මට්ටමට අද ගුරුවරු වැටිලා තියෙන්නේ. සමහර පාසල්වල ගුරුවරුන්ට තර්ජනය කළා එන්න එපා කියලා. මෙහෙම සෙල්ලම් කරන්න ඉඩදෙන්න හොඳ නෑ. මම නීතිපතිතුමා එක්ක සාකච්ඡා කළා මට දෙන්න කිව්වා ඒ ගැන යෝජනාවක් උදේ 7.30 ඉදලා දවල් 1.30ට සෘජුව හෝ වක්‍රව කිසිකෙනෙක්ට පංති කඩාකප්පල් කරන්න බැහැ. පාසල වහලා හෝ වර්ජනය කරලා හෝ වෙනත් විදියකට. ඒ පියවර අපිට ගන්න සිද්ධ වෙනවා අනාගත පරපුර වෙනුවෙන්. මින් පස්සේ නම් මා එක්ක තරහා වෙන්නේ එපා මට සිදුවෙයි මීට වඩා තදින් ක්‍රියාකරන්න. මම එදා මල්වත්ත ස්වාමින් වහන්සේ එක්ක කිව්වා හදිසි නීතිය දාලා පාසල් ගෙනියන්න අපි ලෑස්ති කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026

    ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 202603 Views

    එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි…

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.