Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ෆොන්සේකාගේ පොරොන්දුව ජනපති අතට
    Hot News

    ෆොන්සේකාගේ පොරොන්දුව ජනපති අතට

    By LFNJune 29, 2024No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉදිරියේදී රටට තවත් සේවයක් ලබාගැනීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ෆොන්සේකා මහතාගේ ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව” ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (28) සිදුකෙරුණි.

    ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “ලංකාවේ යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරපු එක්කෙනා. මම අගමැති විදියට වැඩකරද්දි කාට ද යාපනය භාරදෙන්නේ කියලා අපිට තීරණයක් ගන්න වෙනවා. එදා මම කිව්වා මම තීරණය කළා කියලා සරත් ෆොන්සේකාව ඩිවිෂන් එකක් භාරදෙන්න. ඒ අනුව තමා යාපනය භාර අරගෙන ඒ නමින් කොහොම හරි ඕක අල්ලගෙන හිටියේ. අපේ ස්ථාවරභාවයක් ඇති කරගන්න කල්. එතැන ඉඳලා ආපහු සටන පටන් ගත්තේ. යුද්ධයක් කියන්නේ ක්‍රිකට් මැච් එකක් නෙමෙයි. මිනිස්සු මැරෙනවා දෙපැත්තෙන්ම. එතකොට හමුදාව හදාගෙන ඉදිරියට යන්න එතුමාට ඒ ශක්තිය තිබුණා. ලෝකයේ තිබුණ අමාරුම යුද්ධයක්. එතුමා ඒක අවසන් කර නිසා එතුමාට මේ තනතුර දුන්නා. ඊට පස්සේ සිවිල් ජීවිතේ අභියෝගයන්ට මුහුණදුන්නා. එකෙත් තනිවුණ වෙලාවේ, බන්ධනාගාරයේ හිටිය වෙලාවේ, තමන්ට නිදහස නැති වුණ අවස්ථාවේ ශක්තිමත් චරිතයක් වෙන්න ඕනේ ඉදිරියට යන්න. කොහොමත් එතුමා කොහේ වුණත් සටන අත්හරින්නේ නෑ. දේශපාලනයේ වුණත්, සිවිල් කාලයේ වුණත්, දේශපාලනයේ වුණත් එතුමා ගැන දැනගෙන වැඩකරන්න. සටහනට ගියොත් එතුමා ඒක අත්හරින්නේ නෑ. ඒක අරගෙන යනවා. මම හිතනවා එතුමාට තවත් මේ රටට සේවය කරන්න පුළුවන්. අනාගතයේ එතුමාගෙන් ගන්න තියෙන ඒ සේවය රටට ලබාගන්න අවස්ථාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.