Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 2025

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ෆොන්සේකාගේ පොරොන්දුව ජනපති අතට
    Hot News

    ෆොන්සේකාගේ පොරොන්දුව ජනපති අතට

    By LFNJune 29, 2024No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉදිරියේදී රටට තවත් සේවයක් ලබාගැනීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ෆොන්සේකා මහතාගේ ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව” ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (28) සිදුකෙරුණි.

    ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “ලංකාවේ යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරපු එක්කෙනා. මම අගමැති විදියට වැඩකරද්දි කාට ද යාපනය භාරදෙන්නේ කියලා අපිට තීරණයක් ගන්න වෙනවා. එදා මම කිව්වා මම තීරණය කළා කියලා සරත් ෆොන්සේකාව ඩිවිෂන් එකක් භාරදෙන්න. ඒ අනුව තමා යාපනය භාර අරගෙන ඒ නමින් කොහොම හරි ඕක අල්ලගෙන හිටියේ. අපේ ස්ථාවරභාවයක් ඇති කරගන්න කල්. එතැන ඉඳලා ආපහු සටන පටන් ගත්තේ. යුද්ධයක් කියන්නේ ක්‍රිකට් මැච් එකක් නෙමෙයි. මිනිස්සු මැරෙනවා දෙපැත්තෙන්ම. එතකොට හමුදාව හදාගෙන ඉදිරියට යන්න එතුමාට ඒ ශක්තිය තිබුණා. ලෝකයේ තිබුණ අමාරුම යුද්ධයක්. එතුමා ඒක අවසන් කර නිසා එතුමාට මේ තනතුර දුන්නා. ඊට පස්සේ සිවිල් ජීවිතේ අභියෝගයන්ට මුහුණදුන්නා. එකෙත් තනිවුණ වෙලාවේ, බන්ධනාගාරයේ හිටිය වෙලාවේ, තමන්ට නිදහස නැති වුණ අවස්ථාවේ ශක්තිමත් චරිතයක් වෙන්න ඕනේ ඉදිරියට යන්න. කොහොමත් එතුමා කොහේ වුණත් සටන අත්හරින්නේ නෑ. දේශපාලනයේ වුණත්, සිවිල් කාලයේ වුණත්, දේශපාලනයේ වුණත් එතුමා ගැන දැනගෙන වැඩකරන්න. සටහනට ගියොත් එතුමා ඒක අත්හරින්නේ නෑ. ඒක අරගෙන යනවා. මම හිතනවා එතුමාට තවත් මේ රටට සේවය කරන්න පුළුවන්. අනාගතයේ එතුමාගෙන් ගන්න තියෙන ඒ සේවය රටට ලබාගන්න අවස්ථාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්

    December 3, 2025

    ආපදා මරණ 400 ඉක්මවයි – 336ක් අතුරුදන්

    December 2, 2025

    ආපදා මරණ 350 ඉක්මවයි – 366ක් අතුරුදන්

    December 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 20250124 Views

    දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී…

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට

    December 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.