Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අභියෝග හමුවේ බිය නොවන්න – ජනපති
    Hot News

    අභියෝග හමුවේ බිය නොවන්න – ජනපති

    By LFNJune 24, 2024No Comments3 Mins Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනාගත පරපුර වෙනුවෙන් තමා ලබාදෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර සිටියේ මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී, තරුණියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිතයින්ගේ මෙම හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී පසුගිය (22) පැවැත්විණි.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එම හමුවට එක්ව සිටි අතර ඔවුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

    ප්‍රශ්නය – ජනාධිපතිතුමනි රට අර්බුදකාරී තත්ත්වයක තිබියදී ඔබතුමා රටේ වගකීම භාර ගත්තා. ඔබතුමා එම අභියෝගය ජයග්‍රහණය කළේ කොහොමද, රාජකීය විද්‍යාලය වැනි පාසල්වල අධ්‍යාපනය ලැබීමට අනාගත පරම්පරාවට අවස්ථාවක් ලැබේවිද?

    පිළිතුර- “අනෙක් සියලුදෙනා අභියෝගවලට බියේ පැන යන විට මම එම වගකීම භාරගත්තා. තමන් තුළ විශ්වාසයක් තිබේනම් අභියෝගවලට බිය විය යුතු නැහැ. ධාවන සපත්තු පළඳින්නේ දිවීමට මිස ප්‍රශ්නවලට බියේ පැන දුවන්න නොවෙයි. මෙම අභියෝගයෙන් රට මුදවා ගැනීමට මට හැකි බව මා විශ්වාස කළා. මම රට භාරගත්තේ නැත්නම් අද රටේ තත්ත්වය කුමක්ද කියා අහන්න කැමතියි. එසේ නම් අපට මේ ආකාරයෙන් වාඩි වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රට පුරා ජනතාවට පොසොන් පොහොයට අනුරාධපුරේ යාමට අවස්ථාව ලැබෙන්නේ ද නැහැ. ඔබ අභියෝගවලට බියවන්න එපා. ඒ වගේම බොරු කියන්න එපා. රාජකීය විද්‍යාලය වගේම ඉදිරියේ දී තවත් බොහෝ පාසල්වලට එවැනිම පහසුකම් ලැබේවි. ආණ්ඩුවට පුලුවන් අධ්‍යාපනය ලබා දෙන්න. නමුත් පිටකොන්ද ලබා දෙන්න බැහැ. එය තිබිය යුත්තේ තමන් තුළමයි.”

    ප්‍රශ්නය – අපේ රටේ ඕනෑතරම් සම්පත් තිබෙනවා. නමුත් අප ආහාර ඇතුළු බොහෝ දේ විදේශයන්ගෙන් ආනයනය කරනවා. අපගේ කර්මාන්ත තවදුරටත් සංවර්ධනය කරනවා නම් මෙම තත්ත්වය වෙනස් කළ හැකියි නේද?

    පිළිතුර – “ඔබේ ප්‍රියතම ගායකයා යුවන් සංගරාජා බව පැවසුවා. එසේ නම් අප ගීතත් ආනයනය කරනවා නේද? විවෘත ලෝකය හමුවේ අපගේ කර්මාන්ත දියුණු කළ යුතු බවට මම එකඟ වෙනවා. නමුත් අප රටේ සම්පත් භාවිතා කරමින් නිපදවන දේ අපනයනය කළේ නැහැ. එම නිසා අපට විදේශ විනිමය නැහැ. ඉන්ධන වැනි දේ මිලදී ගැනීම සඳහා අප‍ට විදේශ විනිමය අවශ්‍යයයි. එම නිසා අපට ණය ලබා ගැනීමට සිදු වුණා. එසේ අප ලබා ගත් ණය ගෙවීමට නොහැකි වුණා. අපට සිදු වූයේ එයයි. අපේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට මෙතෙක් අවධානය යොමු කර නැහැ. ඒනිසා අප සතු සම්පත් භාවිත කරමින් අපනයනය සඳහා වැඩි වශයෙන් යොමු විය යුතුයි. අපේ සම්පත්වලින් එක් කොටසක් වන්නේ පුහුණු ශ්‍රම බළකාය යි. අනෙක සංචාරක කර්මාන්තය යි. මඩකලපුවේ පමණක් අපට පහසුවෙන්ම සංචාරක හෝටල් සියයක් පමණ ඇති කළ හැකියි. ඒ වගේම කෘෂිකර්මාන්තය නවීකරණය කරමින් අප නවීන කෘෂිකර්මාන්තයක් කරා ගමන් කළ යුතුයි.අපට විදේශ විනිමය ඉහළ නංවා ගත හැක්කේ එවිටයි. රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට අප කටයුතු කළද අප අපනයන ආර්ථිකයක් කරා යොමු නොවුණහොත් ඉදිරි වසර 15-20 තුළ ඔබට නැවතත් මෙම ගැටලුවටම මුහුණ දීමට සිදු වෙනවා. අපට ඇති එකම මාර්ගය වන්නේ අපගේ කෘෂි කර්මාන්තය, සංචාරක කාර්මාන්තය ඇතුළු කර්මාන්ත දියුණු කර අපනයන ආර්ථිකයක් කරා යොමුවීමයි. ආනයන ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයක් වෙත පරිවර්තනය වීම සඳහා අප ආර්ථික පරිවර්තන පනත ගෙන එනවා.”

    ප්‍රශ්නය – ඔබතුමා අප රටේ ඉතා සාර්ථක නායකයෙක්. දක්ෂ දේශපාලනඥයෙක්. ඔබේ අත්දැකීම් අනුව අනාගත පරම්පරාවේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන උපදෙස කුමක්ද?

    පිළිතුර- “හොඳින් ඉගෙන ගන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබ, ඔබව විශ්වාස කර ප්‍රතිපත්තිගරුක වන්න. අභියෝග හමුවේ කිසි විටෙකත් බිය වන්න එපා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.