Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අනිත් අය සපත්තු දානකොට මම සෙරෙප්පු දැම්මා -ජනපති
    Hot News

    අනිත් අය සපත්තු දානකොට මම සෙරෙප්පු දැම්මා -ජනපති

    By LFNJune 5, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් දුෂ්කර ගමනක් මැද ආණ්ඩුව භාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    දේශපාලන උවමනාවලින් තොරව රට ගැන සිතූ පිරිසක් එක්කර ගනිමින් දෙවසරක් තුළ මෙරට ආර්ථිකය නැංවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    “සමහරු මගෙන් අහනවා කොහොමද මේක කරන්නේ? සමෘද්ධිය වගේ තුන්ගුණයක් දෙනවා. බංකොලොත් ආණ්ඩුවක් මේ දේවල් කරන්නේ කොහොමද? රජයේ සේවකයින්ට රු.10,000ක දීමනාවක් දුන්නා. ලංකා ඉතිහාසයටම අවස්ථා දෙකකදී දුන්නේ. මේක විජ්ජාවක්ද කියලා මගෙන් අහනවා?

    අමාරු කාලයේ අනෙක් නායකයින් ධාවන සපත්තු දමද්දී අපි සෙරෙප්පු දාගෙන ආණ්ඩුව ගත්තා. මගේ සපත්තු සියල්ලම ගිනි තිබ්බා. අපි ප්‍රතිපත්ති අනුව වැඩකළ නිසා IMF විශ්වාසය දිනාගත්තා. අපිට විශ්වාසයක් තිබුණා මාස 6කින් ගොඩදානවා කියලා. ලංකාවේ පළමුවරට දේශපාලනය නැති ආණ්ඩුවක් තිබුණා. සර්ව පාක්ෂික විපක්ෂයක් තිබුණා. අපි පක්ෂ අනුව බෙදුණේ නැහැ දක්ෂතා අනුව බෙදුණේ.

    තනි මන්ත්‍රිවරයෙක් ජනපති වෙන්නේ කොහොමද? ආණ්ඩුවක් හදන්න මම හැමෝගෙන්ම ඇහුවා. පිරිසක් එකතුවුණේ නැහැ. ජූලි 9 ඉල්ලා අස්වෙන්න කිව්වා. මම ඉල්ලා අස්වෙන්නේ ඇයි?. මම ඉල්ලා අස්වෙන්නේ කොහොමද? කාටද ලිපිය දෙන්නේ? ජනපතිව හොයන්නේ කොහොමද? නැවේ යනවා… මාලදිවයිනට යනවා. මම ඉල්ලා අස්වුණා නම් රටේ පාලනය වැටෙනවා.

    මට හැම පක්ෂයෙන්ම සහාය ලබාදුන්නා. දිනේෂ් ඇමතිතුමාව අගමැති බවට පත්කළා. දේශපාලනය ගැන නොසිතා ඉන්න අය එක්ක වැඩකළා. උස නම් කැබිනට් ඇමතිලු මිටි නම් නියෝජ්‍ය ඇමතිලු. වසර දෙකක් දේශපාලනයක් නැති කැබිනට්ටුවක්. බනින්න කෙනෙක් නැතිවුණාම ඊලොන් මස්ක්ට ඝාතකයාලු දැන් ඉන්ධන, පොහොර සහ අස්වැන්න තියෙනවා. අපි තවම මේකෙන් ගොඩවෙලා නැහැ. මේ වසර අවසන්වීමට පෙර බංකොලොත් බවින් ගොඩඑන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026

    ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 202604 Views

    එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි…

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.