Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය අදයි
    Hot News

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

    By LFNMay 23, 2024No Comments2 Mins Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

    ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.

    ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා මෙරට බෞද්ධ ජනතාව දැඩි උනන්දුවකින් පසුවේ.

    වෙසක් පොහොය දිනයේ සිය අධ්‍යාත්මික දියුණුව වැඩි දියුණු කරගැනීම සඳහා ජනතාව කැපවිය යුතු බව සියම් මහනිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පුජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමි පැවසීය.

    මේ අතර වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, බුද්ධත්වය උදෙසා බුදුන් වහන්සේ තුළ තිබූ සම්මා වීර්යය අප සැවොම මේ අසීරූ මොහොතේ රටක් ලෙස ඇති කරගත යුතු බවය.

    සියල්ලන්ටම සමානව සැලකීමේ සමානාත්මතා සම්බුද්ධෝපදේශනය අද දින අප සිහිකළ යුතු දෙයක් මෙන්ම රටක් ලෙස එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම ද බුදුන් උදෙසා පිදිය හැකි මහඟු බුද්ධ පූජාවක් වනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය තුළ නිවැරදිව ගමන් කරමින් එකී ධර්මය නිවැරදිව අනුගමනය කරන්නේ නම් අප මාතෘ භූමිය ලොව කීර්තිමත් තලයකට රැගෙන යාම අපහසු නොවනු ඇති බව වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මව්බිම මුහුණ දී ඇති වේදනාත්මක තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා අප දේශයේ ජනතාව අදහන ප්‍රධාන ආගම් කියාදෙන දහම් මග ගැඹුරින් අවබෝධ කොටගෙන ඒ මත අප ජීවිත හැඩගස්සවා ගැනීමේ ඇති වැදගත්කම මේ උතුම් අවස්ථාවේ අවධාරණය කරන බව වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කළහ.

    මේ අතර බුදු තෙමඟුල වෙනුවෙන් දෙරණ මාධ්‍ය ජාලය සංවිධානය කරන දෙරණාභිවන්දනා ශ්‍රී කල්‍යානි සදහම් වෙසක් සජීවි විකාශය කැලණිය රජමහා විහාරස්ථානයේ සිට ටී.වී.දෙරණ සහ එෆ්.එම්.දෙරණ ඔස්සේ අද දිනය පුරා ගෙන ඒමට සැලසුම් කර තිබේ.

    මේ අතර ශ්‍රී පාද වන්දනා සමය ද අදට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන් වේ.

    පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දින සිරිපා වන්දනා සමය ඇරඹී අතර ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් සමග උඩමළුවේ තැන්පත් කර ඇති සමන්දේව ප්‍රතිමා වහන්සේ යළි පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026

    ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 202604 Views

    එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි…

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.