Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයහපත් කාලගුණය විශාල පිරිසක් පීඩාවට
    Featured

    අයහපත් කාලගුණය විශාල පිරිසක් පීඩාවට

    By LFNMay 21, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව බලධාරීන් පවසයි.

    පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786කි.

    එමෙන්ම නිවාස 32කට අර්ධ හානි සිදුව ඇති බවත් පුද්ගලයින් 1,140දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් සඳහන් ය.

    ගතවූ පැය 24තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එය මිමි 141ක අගයකි.

    වැසි හමුවේ දිස්ත්‍රික්ක ගණනාවක පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

    මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මාතර කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබුණි.

    මේ අතර කොළඹ කිරුලපන පූර්වාරාම මාර්ගයේ ගමන්කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඉදි කෙරෙමින් තිබූ වෙසක් තොරණද පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් කඩා වැටී තිබුණි.

    මේ අතර අධික වර්ෂාවත් සමඟ ජලාශවල ජල මට්ටම්ද ඉහළ යමින් පවතී.

    රාජාංගනය ජලාශයේ ජල මට්ටමද අඩි 32ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු 2ක් අඩි දෙක බැගින් විවෘත කර තිබේ.

    අංගමුව ජලාශයේද වාන් දොරටු දෙකම විවෘතකර ඇති අතර ඉන් පිටවන ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 1200කි.

    පුත්තලම, තබ්බෝව ජලාශයේ වාන් දොරටු 10ක් ද මේ වනවිට විවෘත කර තිබේ.

    මේ අතර කැලණි, කළු, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔය ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 09 සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.