Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 2025

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
    Hot News

    වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

    By LFNMay 19, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුය සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇති බවය.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (19) ප.ව. 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩිතද වැසි ඇතිවේ.

    දකුණු පළාතේ විටින්විට පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්

    December 3, 2025

    ආපදා මරණ 400 ඉක්මවයි – 336ක් අතුරුදන්

    December 2, 2025

    ආපදා මරණ 350 ඉක්මවයි – 366ක් අතුරුදන්

    December 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 20250129 Views

    දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී…

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට

    December 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.