Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සා පෙළ ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
    Hot News

    සා පෙළ ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

    By LFNMay 11, 2024Updated:May 11, 2024No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

    විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    ප්‍රශ්න පත්‍රයක රහස්‍ය භාවය ලෙස සැලකෙන්නේ විභාගය ආරම්භ වී පළමු පැය භාගය තුළ බව ද සඳහන් කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා තමාට ලැබී ඇති කරුණු මත විභාගයට පෙර සංසරණය වීමක් පිළිබඳ වාර්තා නොවන බව සඳහන් කළේය.

    “දැනට තියෙන කරුණු අනුව කිසිදු තැනක විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමක් හෝ සංසරණය වීමක් වාර්තා වෙන්නේ නෑ. මේ සිදුවීම් සිද්ධවෙන අවස්ථාවේ දී මේ අපේක්ෂකයින් සියලුදෙනා විභාගය ලියමින් සිට ඇති අතර, ඒ වනවිට පැයකට වැඩි කාලයක් ගතවූවාට පසුව තමා මේ සිද්ධි තුනම වාර්තා වෙන්නේ. එතකොට ඒක ප්‍රශ්නපත්‍ර පිටවීමක් ලෙස සලකන්න බෑ. විභාග පනතේ හැටියටත් ප්‍රශ්න පත්‍රයක රහස්‍ය ලේඛනයක් ලෙස සලකනු ලබන්නේ විභාගය ආරම්භ වී පැය භාගයක් යන තුරු. මොකද ඒ පැය භාගය ගතවුණාට පස්සේ අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථානයට ඇතුළු වෙන්න අවසරයක් නෑ. මෙතනදි පරිභාහිර පුද්ගලයින්ට ප්‍රශ්නපත්‍රය යන්න පුළුවන්කමක් නෑ. අපේක්ෂකයින්ට ඒ තුළින් විශේෂ වාසියක් ලබාගන්න පුළුවන්කමක් නෑ. මේ කොළඹ ඇතිවුණ සිද්ධි දෙකේදීම අනාවරණය කරගන්න පුළුවන් වුණා ඒ අපේක්ෂකයින්ට ඒ වංචනික ක්‍රියාවේ යෙදෙන්නට පුළුවන් කමක් ලැබුණේ නෑ. මෙවැනි සිද්ධි ගැන දැඩි අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන් ජංගම දුරකථන සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අධීක්ෂණය ශක්තිමත් කරලා තියෙනවා.”

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) දින පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අතරවාරයේදී විභාග මධ්‍යස්ථාන දෙකක අක්‍රමිකතා සිදුව තිබේ.

    ඒ, කොළඹ කොටහේන ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන දෙකකදීය.

    මේ අතර හසලක ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකු විභාගය අතරතුර ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් ද වාර්තා වේ.

    2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය 06 වැනිදා ඇරඹි අතර එය එළඹෙන 15 වැනිදා දක්වා පැවැත් වේ.

    විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අපේක්ෂකයින් ඊයේ පෙනී සිටි අවස්ථාවේ අක්‍රමිකතා සිදුවීම් තුනක් සම්බන්ධව තොරතුරු ලැබුණු බවය.

    ඉන් සිදුවීම් දෙකක් වාර්තා වී තිබුණේ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථාන තුළය.

    එම පාසැල්වල සිසුන් නොවූ අපේක්ෂකයින් දෙදෙනෙක් විභාග මධ්‍යස්ථානය තුළට ජංගම දුරකථන රැගෙන ගොස් සූක්ෂම ලෙස ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් ඔස්සේ වෙනත් පාර්ශ්ව වෙත යවා පිළිතුරු සපයාගැනීමට උත්සාහ දරා තිබේ.

    සෙසු විභාග අක්‍රමිකතා සිද්ධිය හසලක ප්‍රදේශයෙන් වාර්තා වුණා.

    ඒ, විභාගය ආරම්භවීමෙන් අනතුරුව හසලක ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක් විභාග ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.