Close Menu
Lanka Focus News
    What's Hot

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත්වෙලා ද ?
    Featured

    ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත්වෙලා ද ?

    By LFNMay 5, 2024No Comments3 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් සැලසීමට පෞද්ගලික සමාගමකට අවස්ථාව ලබාදීමෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට බලපෑමක් එල්ල වන බවට සංචාරක නියෝජිත ආයතන සම්මේලනය ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ.

    ලිපියක් යොමු කරමින් ඔවුන් අවධාරණය කරන්නේ නව ක්‍රමවේදය යටතේ වීසා ගාස්තු ඉහළ දැමීම නිසා ශ්‍රී ලංකාව දැන් ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත්වී ඇති බවය.

    1949දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් ලබාදීම සිදුකෙරුණේ සාමාන්‍ය පරිදි ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙනි.

    1949 සිට 2012 වසර දක්වා රටවල් කිහිපයකට හැරුණු විට ලංකා රජය සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය කළේ නැත.

    නමුත් 2012 දී ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය හඳුන්වා දෙමින් වීසා ගාස්තු අය කිරීම ඇරඹුණි.

    ඒ අනුව විටින් විට අවස්ථා රැසකදී වීසා ගාස්තු ඉහළ දැමුණු අතර 2024 ආරම්භ වනවිට මෙරටට පැමිණෙන එක් සංචාරකයෙකුගෙන් අය කළ වැඩිම මුදල අමෙරිකානු ඩොලර් 60කි.

    2012 සිට 2024 අප්‍රේල් අවසානය දක්වා වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ගැටලුවකින් තොරව සිදුවිය.

    කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර VFS GLOBAL නම් පෞද්ගලික සමාගමට ලබාදීමට ආණ්ඩුව පසුගියදා පියවර ගෙන තිබුණේ, කැබිනට් අනුමැතියෙනි.

    ඒ අනුව ප්‍රථමයෙන්ම ඔන්ලයින් පහසුකම ඔස්සේ වීසා පහසුකමත් පසුව ON ARRIVAL වීසා පහසුකමත් එම පෞද්ගලික සමාගම වෙත පැවරුණි.

    ඒ සමග මෙතෙක් ON ARRIVAL වීසා පහසුකම සැපයූ www.eta.gov.lk නම් රජයේ වෙබ් අඩවිය අක්‍රීය කර ඒ වෙනුවට www.srilankaevisa.lk නම් පෞද්ගලික ආයතනයට අයත් නව වෙබ් අඩවියක් හඳුන්වා දුනි.

    මේ යටතේ මෙරටට පැමිණෙන සංචාරකයෙක්ට හිමිවන දින 30ක වීසා බලපත්‍රය වෙනුවෙන් මෙතෙක් අය කළ ඩොලර් 60 මුදල ඩොලර් 100.5 දක්වා ඉහළ දමා තිබේ.

    එම ඩොලර් 100.5 න් ඩොලර් 75ක් රජයට හිමිවන අතර ඉතිරි ඩොලර් 25.5 පෞද්ගලික සමාගමටත් හිමිවෙයි.

    එමෙන්ම 2012 – 2024 අතර කාලය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකාවේ සංචාරය කරන වයස අවුරුදු 12ට අඩු ළමයින්ගේ වීසා ගාස්තුව අය නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි.

    නමුත්, එම ප්‍රතිපත්තිමය තීරණය ද වෙනස් කරමින් ළමයෙකුගෙන්ද ඩොලර් 100.5ක වීසා ගාස්තුවක් අයකිරීමට නව ක්‍රමවේදය ඔස්සේ තීරණය කර තිබේ.

    ඒ අනුව මව, පියා සහ දරුවන් දෙදෙනෙකුගෙන් යුත් විදේශීය පවුලක් මෙරටට පැමිණීමේදී වීසා ගාස්තු ලෙස ඩොලර් 400ට අධික මුදලක් ගෙවීමට සිදුවෙයි.

    මෙහි ඇති තවත් ගැටලුවක් වන්නේ යම් සංචාරකයෙක් ඔන්ලයින් ඔස්සේ වීසා පහසුකම ලබාගැනීමේදී එය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට වාර්තා වුවත් On Arrival ක්‍රමවේදය ඔස්සේ මෙරටට එන සංචාරකයෙක්ට ලබාදෙන වීසා පහසුකම දෙපාර්තමේන්තුවට පළමු අවස්ථාවේදීම වාර්තා නොවීමය.

    මෙම තත්ත්වය 1949 අංක 18 දරණ පනතට පටහැනි බවට ද වාර්තා වෙයි.

    මෙවැනි පසුබිමක සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් ගණනාවකින් සැදුම්ලත් SLAITO හෙවත් සංචාරක නියෝජිත ආයතන සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

    එහි දැක්වෙන්නේ තායිලන්තය, වියට්නාමය සහ නොමිලයේ වීසා ලබාදෙන හෝ ඊට වඩා අඩු ගාස්තු අය කරන තරඟකාරී ගමනාන්තයන්ට සාපේක්ෂව සංචාරකයින් සඳහා සැලකිය යුතු බාධාවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාව දැන් ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත් වී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 202602 Views

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා…

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.