Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»කටුනායක සිද්ධියේ සමාගම ඉන්දියාවේ එකක් නෙවෙයි – ඉන්දියාවෙන් දැනුම්දීමක්
    Hot News

    කටුනායක සිද්ධියේ සමාගම ඉන්දියාවේ එකක් නෙවෙයි – ඉන්දියාවෙන් දැනුම්දීමක්

    By LFNMay 3, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ පසුගිය (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.

    මෙම තත්ත්වය ඇතිවුයේ මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ සිට විදෙස් සමාගමක් වෙත පවරා තිබෙන පසුබිමකය.

    ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි.

    එමගින් සාක් රටවල සංචාරකයින් සඳහා දින 30ක විසා ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 20ක මුදලකුත් අනෙක් රටවල සඳහා ඩොලර් 50ක මුදලක් අයකරනු ලැබීය.

    මෙම ආදායම සම්පූර්ණයෙන්ම මෙරටට හිමිවු අතර ඉතා කෙටි කාලයක් තුළ ON ARRIVAL VISA පහසුකම සංචාරකයින් වෙත ලබාදීමටද පහසුකම් සලසා තිබුණි.

    එවන් පසුබිමක මීට දෙදිනකට පෙර රජය තීරණය කර තිබුණේ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තෙවන පාර්ශ්වයකට ලබාදීමටය.

    ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙතෙක් අය නොකරනු ලැබු සේවා ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක්ද මෙම විදේශීය සමාගම හරහා වීසා ලබාදීමේදී අයකරනු ලබන බව වාර්තා වෙයි.

    එහිදී සාක් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් අමෙරිකානු ඩොලර් 22ක මුදලක්ද වෙනත් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් ඩොලර් 25ක මුදලක්ද අය කෙරෙයි.

    එමෙන්ම මින්පෙර මෙරටට පැමිණීමේදී වීසා ගාස්තුවෙන් නිදහස් කර තිබූ ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු රටවල් 7ක සංචාරකයින්ගෙන්ද මෙම සමාගම අමෙරිකානු ඩොලර් 22ක මුදලක් අයකරනු ලබන බවද වාර්තා විය.

    මෙවන් පසුබිමක, අදාළ සමාගම මගින් වීසා නිකුත් කිරීම පමාවීම හේතුවෙන් පෙරේදා සංචාරකයින් විශාල පිරිසකට පෝළිම්වල පැය ගණනක් රැඳීසිටීමට සිදුවී තිබුණි.

    ඒ අනුව ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති කේ.කේ.ජී.ජේ. බණ්ඩාර මහතා පැවසුවේ මෙම තත්ත්වය පාලනය කර ගත නොහැකිව අදාළ සමාගමේ නිලධාරීන් ඊයේ පස්වරුවේ එම ස්ථානයෙන් ඉවත්වී ගොස් ඇති බවය.

    මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කළ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රශ්නගත සමාගම ඉන්දීය සමාගමක් යැයි පැවසීම සම්පූර්ණයෙන් සාවද්‍ය බවය.

    කටුනායක ගුවන්තොටුපොළ තුළ ඇතිවූ තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන වීඩියෝවක අදාළ සමාගම ඉන්දීය සමාගමක් බවට චෝදනා එල්ලවෙන අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.