Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»හදිසියේම ජනපති සහ බැසිල් අතර හමුවක්
    Hot News

    හදිසියේම ජනපති සහ බැසිල් අතර හමුවක්

    By LFNApril 25, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත.

    වැඩිදුරටත් වාර්තාවන්නේ පසුගිය (23) පස්වරුවේ පැවති එම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කරුණු 3ක් පිළිබඳව අවධානය යොමුකර ඇති බවය.

    එහිදී එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර දෙපාර්ශ්වය එකඟතාව පළකර ඇත්තේ ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීමක් කැඳවනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන විසංවාදයන්ගෙන් තොරව පවතින පොදු අභියෝග ජයගැනීමේ අරමුණු ප්‍රමුඛ කරගනිමින් ඉදිරියට යායුතු බවටය.

    එසේම හිටපු පළාත් පාලන නියෝජිතයන්ට ආණ්ඩුවේ පොදු කටයුතු සදහා නිල වශයෙන් සහභාගී විය හැකි වන පරිදි අවස්ථාවක් නිර්මාණය කරදීම පිළිබඳවද එහිදී සාකච්ඡා වී ඇත.

    මේ අතර එහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්ව ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ පක්ෂයක් ලෙස වැරදි පූර්වාදර්ශයන්ට ඉඩදීමට නොහැකි බව පොදුජන පෙරමුණේ පොදු තීරණය වන බැවින් එකී වැරදි පූර්වාදර්ශය සම්බන්ධයෙන් ගතයුතු නිල ක්‍රියාමාර්ගය වෙත පක්ෂය මේ වනවිටත් අවතීර්ණ වී අවසන් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026

    ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 202604 Views

    එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි…

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.