Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පාස්කු ප්‍රහාරයට වසර 5ක් සපිරෙයි
    Hot News

    පාස්කු ප්‍රහාරයට වසර 5ක් සපිරෙයි

    By LFNApril 21, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ.

    ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.

    ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි.

    2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක් විසින් දිවයිනේ ස්ථාන 08ක දී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකළ අතර එහිදී පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබීය.

    මෙම ප්‍රහාරයට පස්වසරක් ගත වීම නිමිත්තෙන් සිහිකිරීම් වැඩසටහන් මාලාව සංවිධානය කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ඉලක්කය බවට පත් වු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය සහ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.

    ඊයේ පස්වරුවේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගය අගරදගුරු පදවියේ සහායක රදගරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය සමීපතමයින් අහිමි වු ඥාතීන් හා තුවාල ලැබුවන් එක් ව සිටියේය.

    මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ දේවස්ථානවල පැවැත්වෙන සැමරුම් සඳහා ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026

    ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 202604 Views

    එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි…

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.