Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති
    Hot News

    තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති

    By LFNApril 19, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ ඊයේ (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හම්වුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ සාමුහිකත්වය පමණක් බවද කියා සිටියේය.

    නුවරඑළිය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අද ඇතැමුන් අකුල් හෙළමින් සිටින බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    පැරණි දේශපාලනයේ නිරතව රට සංවර්ධනය කළ නොහැකි බවත්, රටට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කර ගනිමින් රට සංවර්ධනය කිරීමට නම් සියලුදෙනා එකඟතාවයකින් කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    රජයේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ රට තුළ ඇතිවී තිබෙන ආර්ථික ස්ථාවරත්වය නිසා ජනතාව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද චාරිත්‍රවලට මුල් තැන දෙමින් සතුටින් සැමරු බව ද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සියලු ක්ෂේත්‍රවල සිදුව තිබෙන පිබිදීම සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ යමින් තිබෙන බවත්, රටේ සියලු ජනතාවට මෙම ප්‍රතිලාභය හිමි කර දීම තම අරමුණ බවත් පැවසීය.

    තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර පිහිටුවීමට සැළසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර හරහා තරුණ ව්‍යවසායකයන් නගාසිටුවීමට කටයුතු කරන බවත්, බැංකු ශාඛාවල ප්‍රධාන නිලධාරීන් සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් ද ඊට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.