Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

    November 4, 2025

    ජීවිතයක් අහිමි කළ මාරක අනතුර – CCTV දර්ශන සහිතයි

    November 4, 2025

    වයඹ පළාතේ ජනතාවට විශේෂ නිවේදනයක්

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් එක්දින වාර්තා රැසක්
    Sport

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් එක්දින වාර්තා රැසක්

    By LFNApril 18, 2024No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත්වුණි.

    ඒ අවසන් එක්දින තරගයේ හිමිවූ ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කය හඹාගොස් ජය ගැනීමත් සමගය.

    ඒ අතර එම තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 195ක් වාර්තා කිරීමද විශේෂත්වයකි.

    දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 301කි.

    එහිදි නායිකා ලෝරා වොල්වඩ් ලකුණු 184ක් රැස් කළාය.

    ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවි එම ඉලක්කය පසුකර ගියහ.

    එම හඹා යෑම වාර්තා අතරට එක්වුණේ කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම හඹා යෑම ලෙසය.

    එම තරගයේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 195ක් වාර්තා කිරීමට සමත්වුණි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක්වුණි.

    ඒ අතර ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් තරගයක ක්‍රීඩිකාවක් රැස්කළ තුන්වන ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේද එම ලකුණු සංඛ්‍යාවයි.

    මේ අතර නිලක්ෂි සිල්වා මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමටද සමත්වුණි.

    ඊයේ තරගය ශ්‍රී ලංකාව ජයගැනීමත් සමඟ එක්දින තරගාවලිය 1 ට 1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් සටනට

    October 31, 2025

    දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

    October 27, 2025

    මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට

    October 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,387 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

    November 4, 20250123 Views

    ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර්…

    ජීවිතයක් අහිමි කළ මාරක අනතුර – CCTV දර්ශන සහිතයි

    November 4, 2025

    වයඹ පළාතේ ජනතාවට විශේෂ නිවේදනයක්

    November 4, 2025

    GovPay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පසුකරයි

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.