Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»දමිතා කළ වැරැද්ද අධිකරණයේ දී හෙළිවෙයි
    Hot News

    දමිතා කළ වැරැද්ද අධිකරණයේ දී හෙළිවෙයි

    By LFNApril 6, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇයගේ සැමියා ආගාමික හා විගාමික පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ඊයේ (05) අධිකරණයේ දී අනාවරණය වුණි.

    දමිතා අබේරත්න හා ඇයගේ සැමියාවන ලෙනිල් ජොන්සන් නමැත්තා, කොරියාවේ රැකියාවක් සඳහා යවන බව පවසා තමන්ගෙන් රුපියල් තිස් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබාගෙන වංචාවක් කළ බව පවසමින් පී.කේ. ප්‍රසන්න නම් පුද්ගලයෙකු පසුගියදා පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.

    ඒ අනුව සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු සැකකාර යුවළ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ පස්වරු දෙකට පමණ රැගෙන එනු ලැබීය.

    එහිදී විමර්ශන නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරුවන් මෙම වංචාවෙන් අයුතු ලාභයක් උපයා ඇතැයි අනාවරණ වූ හෙයින් එම මුදල සොයාගැනීමට විමර්ශන ඇරඹූ බවය.

    ඔවුන්ට ප්‍රකට ආදායම්වලට අමතරව තවත් ආදායම් ඇත්දැයි සොයා විමර්ශන ක්‍රියාත්මක බැවින් ඒවා අවසන් වන තෙක් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස විමර්ශකයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඔවුන් අධිකරණයට පැවසුවේ, ආගාමික හා විගාමික නොහොත් ආගමන හා විගමන පනත යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් සැකකරුවන්ට මහාධිකරණයෙන් හැර ඇප ලබාදිය නොහැකි බවය.

    පසුව සැකකාර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ අජිත් පතිරණ මහතා කරුණු දැක්විය.

    සැකකරුවන් වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතීඥ අජිත් පතිරණ,

    ”ස්වාමීනි, මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම ගොතන ලද්දක්. CIDය කියන විදියට ආගාමික හා විගාමික පනත යටතේ මොවුන් වරදක් සිදුකළ බවට සාක්ෂි සම්පාදනය කරලා නැහැ. මේ නිසා බරපතළ යුක්ති අපගමනයක් සිදුවෙනවා.”

    එහිදී නැගීසිටි විමර්ශන නිලධාරීන් පැවසුවේ, එම ප්‍රකාශය අසත්‍ය අතර විමර්ශන නිසිලෙස, නීත්‍යනුකූලව සිදුවන බවය.

    කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගය ඉදිරිපත් කළේය.

    කොටුව මහෙස්ත්‍රාත්, තිළිණ ගමගේ

    ”මෙම සැකකරුවන් දෙදෙනා මුල් පැමිණිලිකරුගෙන් රුපියල් 3,250,000ක මුදලක් ‍වංචා කරඇති බව හෙළිවී තිබෙනවා. එසේ මුදල් භාරයට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම පුද්ගලයින්ට වලංගු බලපත්‍රයක් නිකුත් කරලත් නැහැ. සැකකරුවන්ට සැබෑ ලෙසම අධිකරණයට පැමිණීමට අපේක්ෂාවක් තිබුණානම් CIDයට අදාළ පැමිණිලි විභාග කෙරුණු අප්‍රේල් 03 වැනිදා ඉදිරිපත් වෙන්න තිබුණා.මේ නිසා සැකකරුවන් ආගාමික හා විගාමික පනත යටතේ වරදක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වෙනවා. එමෙන්ම මේ සැකකරුවන් දෙදෙනා වෙනත් නඩු කිහිපයකටම ඇප මත මුදා හැර සිටින අය වීමත් අධිකරණයේ අවධානයට යොමුවෙනවා.”

    ඒ අනුව සැකකාර දමිතා අබේරත්න හා ලෙනිල් ජොන්සන් මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.