Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්

    August 21, 2025

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 2025

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සැමියා ඝාතනය කරන්න බිරිඳගෙන් සමාජ මාධ්‍යයට කොන්ත්‍රාත්තුවක්
    International

    සැමියා ඝාතනය කරන්න බිරිඳගෙන් සමාජ මාධ්‍යයට කොන්ත්‍රාත්තුවක්

    By LFNApril 1, 2024Updated:April 1, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම සැමියා ඝාතනය කරන ඕනෑම පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට සිය WhatsApp ගිණුමේ පළකළ කාන්තාවකට ඉන්දීය පොලීසිය නඩු පවරා ඇත.

    මෙලෙස ඉන්දීය පොලීසිය නීතිමය පියවර ගෙන ඇත්තේ ඉන්දියාවේ අග්‍රා හි බාහ් දිස්ත්‍රික්කයේ ජීවත් වන කාන්තාවකට එරෙහිවය.

    මෙම කාන්තාව සිය WhatsApp ගිණුමේ පළකර ඇත්තේ ඉන්දීය රුපියල් 50,000ක ත්‍යාගයක් ලබා දෙන බවය.

    තමන් ඝාතනය කරන කෙනෙකුට මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට සිය බිරිඳ WhatsApp ගිණුමේ පළ කර තිබූ පණිවිඩ දුටු එම කාන්තාවගේ සැමියා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇත.

    ඒ අනුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

    මීට පෙරද අවස්තා කිහිපයකදී සිය බිරිඳගේ මිතුරන් සහ පවුලේ පිරිස් තමන්ට මරණ තර්ජනය කර ඇති බවද ඔහු පොලීසියට පවසා ඇත.

    මෙම පුද්ගලයා අදාළ කන්තාව සමඟ විවාහ වී ඇත්තේ පසුගිය 2022 වසරේ ජූලි 9 වනදාය.

    නමුත් ඇති වූ පවුල් ආරවුල් සහ නොගැලපීම් හේතුවෙන් ගැටුම් ඇති වූ බවත් ඉන් පසුව 2022 දෙසැම්බර් මාසයේදී සිය බිරිඳ තමන් අතහැර ඇයගේ දෙමාපියන් වෙත ගොස් ජීවත්වූ බවත් ඔහු පවසා ඇත.

    එමෙන් ඔහු චෝදනා කර ඇත්තේ සිය විවාහ ජීවිතයේ ගැටුම් ඇති වූයේ සිය බිරිඳගේ අනියම් සබඳතාවක් තිබීම හේතුවෙන් බවය.

    එම පුද්ගලයා ද තමන්ට දුරකථන ඇමතුමකින් තමා මරා දමන බවට තර්ජනය කළ බවත් ඔහු පවසා ඇත.

    මේ වනවිට ඇය තමන් ට එරෙහිව නඩත්තු නඩුවක් ද ගොනු කර ඇති බව ඔහු පොලීසිය වෙත පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරච්චි නගරයටත් ගංවතුර

    August 21, 2025

    සල්ලි අච්චු ගැසීම ගැන රජයෙන් ප්‍රකාශයක්

    August 19, 2025

    ඉන්දියාවේ ගංවතුර තත්ත්වයෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට

    August 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්

    August 21, 20250112 Views

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා…

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 2025

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.