Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»කෙහෙළිය කැබිනට්ටුව ඇන්දුවාද? අධිකරණයේදී හෙළිවූ දේ
    Political

    කෙහෙළිය කැබිනට්ටුව ඇන්දුවාද? අධිකරණයේදී හෙළිවූ දේ

    By LFNMarch 29, 2024No Comments3 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනා අප්‍රේල් මස 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කළේය.

    මෙහීදී කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ ඖෂධ රට තුළ අවශ්‍ය ප්‍රමාණයට පැවතියද තුන්වන ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඖෂධ හිඟයක් ඇතැයි කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇති බවයි.

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි.

    මෙම නඩුවට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනාද එම අවස්ථාවේදි අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

    නඩුව ආරම්භයේදි, මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය හා සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය විවෘත අධිකරණය හමුවේ ඉදිරිපත් කළාය.

    ”ස්වාමීනි, මෙම ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ලැයිස්තු තුනක් මේවන විට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පළමුවැන්න ඖෂධ 182ක් සම්බන්ධවත්, දෙවැන්න ඖෂධ 285ක් සම්බන්ධවත්, තුන්වැන්න ඖෂධ 317ක ලැයිස්තුවක් සම්බන්ධවත් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක සහ දෙක යන ලැයිස්තු සම්බන්ධ විමර්ශන අවසන් කර මේ වෙද්දිත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන්නේ. 317කින් යුතු 3 වැනි ඖෂධ ලැයිස්තුව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව මෙසේයි”.

    “ස්වාමීනි, මෙම 317ක ඖෂධ ලැයිස්තුවෙනුත් ඖධෂ 92ක් හැරුණුකොට සෙසු සියලු ඖෂධ පළමු සහ දෙවැනි ඖෂධ ලැයිස්තුවල පැවති ඖෂධමයි. එම 92නුත් ඖෂධ 87ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික සැපයුම්කරුවන් මගින් ඒවන විටත් සපයාගෙන තිබුණ ඒවා. ඒවායේ තොග ඒ වනවිටත් රට තුළ ප්‍රමාණවත් පරිදි තිබුණා ස්වාමීනි. ඒ අනුව රට තුළ ඖෂධ හිඟයක් පිළිබඳ තුන්වන ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට ඒත්තුගැන්වීම සහ ඖෂධ හිඟයක් පිළිබඳ හුවා දැක්වීම සාවද්‍ය කරුණක්.”

    අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරියගෙන් නියෝග කිහිපයක් ඉල්ලා සිටියාය.

    ඉන් පළමුවැන්න වූයේ 2022 නොවැම්බර් 30 සිට 2023 ජනවාරි 4 වැනිදා දක්වා කාලය තුළ මෙම හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැප් නම් ඖෂධ වර්ග දෙක ලබාදුන් රෝහල්, එම රෝහල්වල වාට්ටු අංක සහ ඖෂධ ලබාදුන් රෝගීන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන ලෙසයි.

    එමෙන්ම ඉන් අසාත්මිකතා මතුවී මරණයට පත්වූ අය පිළිබඳ හා ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මෙන්ම මෙම ඖෂධ ලබාගෙන ජීවතුන් අතර සිටින රෝගීන් පිළිබඳ වාර්තා 2024.05.30 දිනට පෙර ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරන ලෙසද ඉල්ලා තිබුණි.

    මෙම එන්නත් වර්ග දෙක වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වුවාද? එම පරික්ෂණය සිදු කරනු ලැබුවේ කවුරුන්ද? විමර්ශන අවසන් නම් එම විමර්ශන මගින් මේ වනවිට යෝජනා කර තිබෙන නිගමන හෝ නිර්දේශ මොනවාද? යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවීමේ නියෝගයක් ලබාදීම අනෙක් ඉල්ලීම ය.

    මෙම ඉල්ලීම් සඳහා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අවසර ලබාදුන්නාය.

    ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනා අප්‍රේල් මස 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.