Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    July 4, 2025

    පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»කෙහෙළිය කැබිනට්ටුව ඇන්දුවාද? අධිකරණයේදී හෙළිවූ දේ
    Political

    කෙහෙළිය කැබිනට්ටුව ඇන්දුවාද? අධිකරණයේදී හෙළිවූ දේ

    By LFNMarch 29, 2024No Comments3 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනා අප්‍රේල් මස 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කළේය.

    මෙහීදී කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ ඖෂධ රට තුළ අවශ්‍ය ප්‍රමාණයට පැවතියද තුන්වන ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඖෂධ හිඟයක් ඇතැයි කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇති බවයි.

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි.

    මෙම නඩුවට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනාද එම අවස්ථාවේදි අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

    නඩුව ආරම්භයේදි, මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය හා සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය විවෘත අධිකරණය හමුවේ ඉදිරිපත් කළාය.

    ”ස්වාමීනි, මෙම ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ලැයිස්තු තුනක් මේවන විට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පළමුවැන්න ඖෂධ 182ක් සම්බන්ධවත්, දෙවැන්න ඖෂධ 285ක් සම්බන්ධවත්, තුන්වැන්න ඖෂධ 317ක ලැයිස්තුවක් සම්බන්ධවත් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක සහ දෙක යන ලැයිස්තු සම්බන්ධ විමර්ශන අවසන් කර මේ වෙද්දිත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන්නේ. 317කින් යුතු 3 වැනි ඖෂධ ලැයිස්තුව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව මෙසේයි”.

    “ස්වාමීනි, මෙම 317ක ඖෂධ ලැයිස්තුවෙනුත් ඖධෂ 92ක් හැරුණුකොට සෙසු සියලු ඖෂධ පළමු සහ දෙවැනි ඖෂධ ලැයිස්තුවල පැවති ඖෂධමයි. එම 92නුත් ඖෂධ 87ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික සැපයුම්කරුවන් මගින් ඒවන විටත් සපයාගෙන තිබුණ ඒවා. ඒවායේ තොග ඒ වනවිටත් රට තුළ ප්‍රමාණවත් පරිදි තිබුණා ස්වාමීනි. ඒ අනුව රට තුළ ඖෂධ හිඟයක් පිළිබඳ තුන්වන ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට ඒත්තුගැන්වීම සහ ඖෂධ හිඟයක් පිළිබඳ හුවා දැක්වීම සාවද්‍ය කරුණක්.”

    අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරියගෙන් නියෝග කිහිපයක් ඉල්ලා සිටියාය.

    ඉන් පළමුවැන්න වූයේ 2022 නොවැම්බර් 30 සිට 2023 ජනවාරි 4 වැනිදා දක්වා කාලය තුළ මෙම හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැප් නම් ඖෂධ වර්ග දෙක ලබාදුන් රෝහල්, එම රෝහල්වල වාට්ටු අංක සහ ඖෂධ ලබාදුන් රෝගීන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන ලෙසයි.

    එමෙන්ම ඉන් අසාත්මිකතා මතුවී මරණයට පත්වූ අය පිළිබඳ හා ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මෙන්ම මෙම ඖෂධ ලබාගෙන ජීවතුන් අතර සිටින රෝගීන් පිළිබඳ වාර්තා 2024.05.30 දිනට පෙර ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරන ලෙසද ඉල්ලා තිබුණි.

    මෙම එන්නත් වර්ග දෙක වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වුවාද? එම පරික්ෂණය සිදු කරනු ලැබුවේ කවුරුන්ද? විමර්ශන අවසන් නම් එම විමර්ශන මගින් මේ වනවිට යෝජනා කර තිබෙන නිගමන හෝ නිර්දේශ මොනවාද? යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවීමේ නියෝගයක් ලබාදීම අනෙක් ඉල්ලීම ය.

    මෙම ඉල්ලීම් සඳහා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අවසර ලබාදුන්නාය.

    ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනා අප්‍රේල් මස 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රශ්නගත බහාලුම්වල පැමිණි දේ හෙළි කිරීමට අර්ච්චුනා සූදානම් වෙයි

    June 30, 2025

    විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

    June 30, 2025

    හෙට විශේෂ පාර්ලිමේන්තු දිනයක්

    June 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,939 Views
    Don't Miss

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 20250115 Views

    තඹුත්තේගම පොලිස් වසමේ මලියදේවපුර ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක්වී ඊයේ (03) පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මෙසේ…

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    July 4, 2025

    පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

    July 4, 2025

    කල්බදු සමාගමක සීසර්ලා වාහනහිමියෙකුට කළ අපරාධය

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.