Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»විශ්වවිද්‍යාල පද්ධතියේ වෙනස්කම් රැසක් – ජනපති
    Hot News

    විශ්වවිද්‍යාල පද්ධතියේ වෙනස්කම් රැසක් – ජනපති

    By LFNMarch 27, 2024No Comments4 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරාගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වාදීමට ඇතැමුන් උත්සාහ කරන බව ජනාධිපති පවසයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බවය.

    අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක් තුළම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බවද පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පසුගිය (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

    රට තුළ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සහ ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති බවය.

    විභාග බර අඩු කරමින් පාසල් අධ්‍යාපනයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල පද්ධතියේද පරිවර්තන රැසකට මුල පුරා තිබෙන බවත් එළැඹෙන මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවක් යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

    මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා 2035 වන විට දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීම තම අරමුණ බවද සඳහන් කළේය.

    මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යහපත් වාතාවරණයක් තිබිය යුතු බවද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල පාලනය බාහිර පාර්ශ්වයකට පවරනවාද එම තත්ත්වය වෙනස් කර විශ්විවද්‍යාල පද්ධතිය තුළ නව වාතාවරණයක් ඇති කරනවාද යන්න විශ්වවිද්‍යාල තුළින්ම තීරණය කළයුතු බවද පැවසීය.

    පසුගියදා තමා කැළණිය විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමකට සහභාගී වන අවස්ථාවේ ඊට එරෙහිව සුළු පිරිසක් විරෝධතා දැක්වුවද තමන් වෙත පැවරී තිබූ වගකීම සහ රාජකාරිය ඉටු කිරීම අතපසු නොකළ බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳ මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු අදහස් දැක්වූ අතර දැනුම නිර්මාණය කිරීම, එම දැනුම බෙදාහැරීම සහ රටේ ජාතික අවශ්‍යතා ඉටු කිරීමත් විශ්වවිද්‍යාල ආචාර්වරුන් ඇතුළු බුද්ධිමතුන් විසින් සිදු කළ බවට අවධාරණය කෙරිණි.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් වෙන්වූ ස්වාධීන අධ්‍යාපන ආයතන බවට විශ්වවිද්‍යාල පද්ධතිය පත් කිරීම, විශ්වවිද්‍යාලවලට අනන්‍ය වූ වර්තමාන ගෝලිය අවශ්‍යතාවයන්ට සරිලන තාක්ෂණයෙන් යුත් නව පාඨමාලාවන් හැදෑරීමට දෙස් විදෙස් සිසුන්ට අවස්ථාව ලබාදීම හා ඒ සඳහා අවශ්‍ය වටපිටාව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදි අවධානය යොමු කෙරිණි.

    එමෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කර ආර්ථික සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබාදෙන ආයතන බවට පත්කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් විය.

    මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මතුකළ ප්‍රශ්න කිහිපයක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවාට ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.

    ප්‍රශ්නය:
    ව්‍යවසායකත්ව අධ්‍යාපනය පිළිබඳ ලෝකයේ බොහෝ රටවල ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබේ. එබැවින් අප රට තුළ ද ව්‍යවසායකත්ව අධ්‍යාපනය අනිවාර්යය කිරීමට කටයුතු කරන ලෙස යෝජනා කරනවා.

    පිළිතුර:
    විශ්වවිද්‍යාල විෂය මාලාවන් තුළ සිදු කළ යුතු ප්‍රායෝගික වෙනස්කම් පිළිබඳ මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඒ සඳහා මේ වන විට කමිටු කිහිපයක්ම පත් කර තිබෙනවා. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද විශාල වගකීමක් පැවරී තිබෙනවා.

    ප්‍රශ්නය:
    විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට නම් රටේ නීතිය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ප්‍රකාශ කිරීමට කැමතියි.

    පිළිතුර:
    එය තනිව ආණ්ඩුවට පමණක් කළ නොහැකියි. එය සියලු දෙනා එක්ව සිදු කළයුතු කාර්යයක්. නමුත් අනිත් අය නිශ්ශබ්දව සිටීම කණගාටුවට කරුණක්. 1980 දශකයේඇති වූ ක්‍රමය නිසයි මෙය සිදු වුණේ. නැවත වතාවක් අපට මෙම තත්ත්වයට යාමට නොහැකියි. ඒ නිසා අලුත් රටට ගැළපෙන අලුත් අධ්‍යාපන ක්‍රමයක් අප කඩිනමින් ඇති කළයුතුයි. ඒ සඳහා සියලුදෙනාගේ සහාය අවශ්‍යයි. විශ්වවිද්‍යාලයට සිසුවෙකු ඇතුළත් කර වසර හතරකින් උපාධිය ලබා ගැනීම පමණක් නොවයි. විශ්වවිද්‍යාලය තුළ වාද විවාද කිරිමට ද අවස්ථාව තිබිය යුතුයි. අතීතයේ දේශපාලනඥයන් විශ්වවිද්‍යාලවලට පැමිණ සාකච්ඡා පැවැත්වුවා. අද එවැනි පරිසරයක් විශ්වවිද්‍යාල තුළ දකින් නැහැ. අප නැවත ඒ තත්ත්වය ඇති කළ යුතුයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026

    ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    May 4, 202604 Views

    එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි…

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.