Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පුටින්ගේ ඊළඟ පිම්ම
    International

    පුටින්ගේ ඊළඟ පිම්ම

    By LFNMarch 21, 2024No Comments3 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය සති අන්තයේ පැවති ජනාධිපතිවරණයෙන් පස්වැනි වතාවටත් රුසියාවේ ජනපති ධුරයට පත්වූ ව්ලැදිමීර් පුටින් සිය නව ධුර කාලයේ පළමු විදෙස් සංචාරයට චීනය තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.

    ලබන මැයි මාසයේ මැද භාගයේ ජනපති පුටින් චීනයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය ඊයේ වාර්තා කළේය.

    චීන ජනපති ෂි ජින්පින්ගේ යුරෝපා සංචාරයට පෙර ජනපති පුටින් මෙලෙස චීනයේ සංචාරය කරනු ඇති බව එහිදී අනාවරණය විය.

    රුසියාව 2022 වසරේ පෙබරවාරි මාසයේ යුක්‍රේනය ආක්‍රමණය නැත්නම් විශේෂ හමුදා මෙහෙයුම දියත් කිරීමට දින කිහිපයකට පෙර ද ජනපති පුටින් චීනයේ සංචාරයක නිරතවුණි.

    එහිදී රුසියානු සහ චීන නායකයන් ප්‍රකාශ කළේ දෙරට අතර සීමාවකින් තොරව සබඳතා වර්ධනය කිරීමට සූදානම් බවයි.

    රුසියාව සහ චීනය අතර පවතින එක් සමානත්වයක් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය, එම රටවල් දෙකම කෙරෙ සමාන ආකල්පයක් දැරීම.

    ආර්ථිකමය වශයෙන් තමන්ට සිටින විශාලතම තරගකරුවා චීනය ලෙස සලකන අමෙරිකාව, රුසියාව දකින්නේ ආරක්ෂාව අතින් සැලකූවිට තමන්ට ප්‍රබලතම තර්ජනයක් එල්ල කළ හැකි රාජ්‍ය ලෙස ය.

    ලෝකයේ නව වර්ධනයන් සම්බන්ධයෙන් චීන ජනපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බොහෝදුරට සමාන ආකල්ප දරයි.

    බටහිර ලෝකය සංස්කෘතිය සමග පිරිහෙමින් පවතින බව ඔවුන්ගේ එවැනි පොදු ආකල්පයකි.

    ඒ වගේම කොන්ටම් පරිගණක විද්‍යාව, සින්තටික් ජීව විද්‍යාව, ඔත්තු බැලීමේ තාක්ෂණය, යුධෝපකරණ ආදී සෑම ක්ෂේත්‍රයකම අමෙරිකානු සුපිරි බලයට චීනය ප්‍රබල අභියෝගයක් එල්ල කරයි.

    එසේම පසුගිය වසර කිහිපය තුළ චීනය සහ රුසියාව අතර වෙළෙද හා හමුදා සබඳතා කැපී පෙනෙන ලෙස වර්ධනය වීමක් දැකිය හැකි ය.

    රුසියාව සහ චීනය යන රටවල් දෙකම අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල විවිධ සම්බාධකවලට මුහුණ දෙයි.

    රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ යුක්‍රේන යුද මෙහෙයුම නිසා ය.

    කොරෝනා ගෝලීය වසංගතයෙන් පසු සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් පසුගිය වසරේ මාර්තු මාසයේ රුසියාවේ සංචාරයක නිරතවුණි.

    ඒ, සම්ප්‍රදාය බිඳිමින්, තුන්වැනි වරටත් ඔහු චීන ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ය.

    රුසියානු ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් 40 වතාවකට වැඩියෙන් හමුවී තිබෙනවා.

    අවසන් වරට ඔවුන් අතර හමුවක් සිදුවුණේ පසුගිය වසරේ ඔක්තෝබරයේ “චීන බෙල්ට් ඇන්ඩ් රෝඩ් සමුළුවේ” විශේෂ ආරාධිතයෙකු ලෙස ජනපති පුටින් සහභාගී වූ අවස්ථාවේදී ය.

    චීනය සහ රුසියාව දෙරට අතර වෙළෙඳ පිරිවැටුම අමෙරිකානු ඩොලර් බිලියන 200 දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේ මෙම වසරේදී ය.

    එහෙත් පසුගිය 2023 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ රුසියාව සහ චීනය අතර වෙළෙඳ පිරිවැටුම අමෙරිකානු ඩොලර් බිලියන 218.2 දක්වා ඉහළගොස් තිබුණි.

    මේ අතර ජනාධිපති පුටින් සිය නව ධුර කාලයේ දිවුරුම්දීමට නියමිතව තිබෙන්නේ මැයි මස 7 වනදා ය.

    ඉන් අනතුරුව ඔහු චීන සංචාරයට එක්වනු ඇති බව සඳහන් වෙයි.

    රුසියානු ජනාධිපති පුටින් සිය නව ධුර කාලයේ පළමු විදෙස් සංචාරය ලෙස චීනය තෝරාගත් බවට රුසියානු ටාස් ප්‍රවෘත්ති සේවය ද සනාථ කළේය.

    ජනපති පුටින් ඊයේ සිය පාර්ලිමේන්තු සගයන් හමුවූ අවස්ථාවේදී රුසියානු කොමියුනිස්ට් පක්ෂ නායක ගෙනෙඩි ෂුගනොෆ්, ජනපති පුටින්ට පවසා ඇත්තේ ඔහුගේ ප්‍රථම විදෙස් චාරිකාවට බටහිර නොව නැගෙනහිර රටක් තෝරාගත යුතු බවයි.

    එමෙන්ම රුසියාවේ හිතමිතුරු ෂී ජින්පින් ජනාධිපතිවරයා ඒ සඳහා මඟ බලා සිටින බවත් ඔහු පවසා තිබුණි.

    ඊට පිළිතුරු ලබාදුන් ජනාධිපති පුටින් රුසියානු කොමියුනිස්ට් පක්ෂ නායකයාගෙන් එම ප්‍රකාශය විහිළුවක් නොව යථාර්ථවාදී යෝජනාවක් ලෙස භාරගන්නා බවත්, චීන සංචාරයක් පිළිබඳව නිසැකවම සලකා බලන බවත් ප්‍රකාශ කර ඇත්තේ සිනහ මුසු මුහුණිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 20260134 Views

    හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ…

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026

    දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.