Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පාසල් දැරියක් අපයෝජනය කළ 13ක්
    Hot News

    පාසල් දැරියක් අපයෝජනය කළ 13ක්

    By LFNMarch 19, 2024No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක් තුළදී 14 හැවිරිදි වියේ පසුවන පාසල් දැරියක් වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ බාබර් සාප්පුවේ කරණවෑමියා සහ තවත් පුද්ගලයෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරුවන් දෙදෙනා ඊයේ (18) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

    පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී වින්දිත දැරිය පොලිස් භාරයට ගෙන සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

    අදාළ බාබර් සාප්පුව පසුපස ඇති කාමරයක් තුළදී මෙම අපරාධය සිදුව ඇති අතර සැකකරුවන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් 11 දෙනෙකුගේ නම් දැරිය විසින් පොලීසියට අනාවරණය කර ඇත.

    එම සැකකරුවන් අතර උසස් පොලිස් නිලධාරිනියකගේ 70 හැවිරිදි වියේ පසුවන පියෙකු ද සිටින බවට තොරතුරු වාර්තාවෙයි.

    අදාළ සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලීසිය පවසයි.

    09 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරණ මෙම වින්දිත දැරිය ජාතික මට්ටමේ විවිධ ක්‍රීඩා තරග සඳහා සහභාගී වී ඒවායින් ජයග්‍රහණ හිමිකරගෙන ඇති අති දක්ෂ දැරියක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

    අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.