Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»සමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්
    Business

    සමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්

    By LFNMarch 10, 2024Updated:March 10, 2024No Comments2 Mins Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේපළ අත්පත් කර ගැනීමට සිදුවන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමාගම් 1000 ආසන්න ප්‍රමාණයකට දැනුම් දී තිබෙන බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.

    පසුගිය වසර අවසන් වනවිට එම සමාගම් ගෙවීමට තිබූ හිඟ බදු මුදල් සම්බන්ධයෙන් මෙම දැනුම් දීම සිදුකළ බවත් ඒ සඳහා කාලය දීර්ඝ කිරීමක් ලබා නොදෙන බවත් කොමසාරිස් ජනරාල්වරිය පැවැසුවාය.

    මෙම දැනුම් දීම සම්බන්ධයෙන් දැනටමත් ඇතැම් සමාගම් ප්‍රතිචාර දක්වා තිබෙන බවත් දේපළ අත්පත් කර ගනිමින් හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා එම සමාගම් කැමැත්ත ලබාදී තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.ඒ අනුව එම සමාගම් ගෙවීමට ඇති හිඟ බදු මුදල් සාර්ථකව අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවන බව චන්ද්‍රසේකර මහත්මිය පැවැසුවාය.

    බදු ගෙවීම පැහැර හැරි සමාගම් ගෙවීමට ඇති හිඟ බදු මුදල් අයකර ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මේ වනවිට එම සාමාගම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බවද කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළාය.

    මුදල් අමාත්‍යංශයේ උපදෙස් මත දේශීය අදායම් පනතෙන් ලබා දී තිබෙන උපරිම බලය යටතේ හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව කොමසාරිස් වරිය පැවැසුවාය.

    හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා යටතේ 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙන බවද චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළාය.

    බදු පැහැරහැරි සමාගම් අතර ලාභ ලබන සමාගම්ද සිටින බව දේශීය ආදායම් සේවා සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පැවැසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.