ගාසා තීරයේ සහනාධාර රථ පෙළක් ආසන්නයේ ඇතිවු වෙඩිතැබීම් හා තෙරපීම් හේතුවෙන් පලස්තීන සරණාගතයින් 112 දෙනෙකු මියගොස් තවත් 760 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ගාසා තීරයට ආධාර රැගෙන පැමිණි ලොරි රථ අසල රැස්ව සිටි පිරිසක් වෙත ඊශ්‍රායල හමුදාව යුද ටැංකි වලින් ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වෙයි.
වෙඩිතැබීම්, තෙරපීම් සහ ලොරි රථවලට යටවීම් හේතුවෙන් පුද්ගලයන් මියයාම සහ තුවාල ලැබීම් සිදුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මෙය ඊශ්‍රායලය විසින් සිදුකළ සමූල ඝාතනයක් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් ද කැඳවා තිබේ.