මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ.
මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ලබාගෙන තිබේ.
මෙම පත්කිරීම සිදුකර තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුවය.
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පසුගිය 2023 වසරේ නොවැම්බර් 29 වනදා, මාස තුනක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබූ අතර ඒ අනුව ඔහු මෙතෙක් එම ධුරයෙහි කටයුතු කරනු ලැබීය.
1998 පෙබරවාරි 23 වැනිදා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකි.
වැඩබලන පොලිස්පතිධුරයට පත්වීමෙන් පසුව මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල මර්ධනය වෙනුවෙන් ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි යුක්තිය මෙහෙයුම බොහෝදෙනාගේ පැසසුමට ලක්වුණි.