රුසියානු විපක්ෂ නායකයා ලෙස ඉදිරියෙන් සිටි අලෙක්සි නවල්නි ගේ සිරුර ඔහුගේ මවට ලබාදීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇති බව වාර්තා වෙයි.
නමුත් ඔහුගේ සිරුර රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට ඇයව එකඟ කරවාගෙන ඇති බවද බීබීසී පුවත් සේවය වාර්තා කළේය.
නවල්නි පසුගිය 16 වනදා රුසියානු සිර කඳවුරකදී අභිරහස් ලෙස මිය ගියේය.