මෑතක සිට රතු මුහුදේ ඇතිවූ අර්බුද වැඩිවීමත් සමග ඉන්දියාව එහි ආරක්ෂක මෙහෙයුම් කටයුතු තර කර තිබේ.
එවන් පසුබිමක රතු මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ ඉරාන ධීවර යාත්‍රාවකින් ලද හදිසි පණිවුඩයකට ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ යාත්‍රාවෙන් හදිසියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සහාය ඉල්ලා තිබුණි.
ඉන්දීය නාවික හමුදාව අදාළ යාත්‍රාවට ළගාවී නිරීක්ෂණය කිරීමේදී එහි පාකිස්තාන ජාතිකයන් පිරිසක් සිට තිබේ.
ඔවුන් දැඩි ලෙස රෝගාතුරවී සිටි බැවින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවද ඉන්දීය නාවික හමුදාව පවසයි.