Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවුවහොත් ශ්‍රී ලංකාව සුදානම්
    Hot News

    න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවුවහොත් ශ්‍රී ලංකාව සුදානම්

    By LFNFebruary 23, 2024No Comments2 Mins Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කලාපය තුළ යම් අයුරකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවුවහොත් ඉන් ඇතිවන විකිරණශීලි තත්ත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව සුදානම් බව පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පවසයි.

    බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී එම නිලධාරීන් මේ බව දැනුම්දී තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පවසා ඇත්තේ ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සහ අවශ්‍ය උපකරණ තමන් සතු බවය.

    බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි.

    මේ අතර දිගු කාලයක් පුරා සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව පිළිසකර කර ජල කාන්දුව නතර කළ නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජිස් පුද්ගලික සමාගමේ නිලධාරීහු බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දී තිබේ.

    දිගින් දිගටම ජල කාන්දුව වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඉන් කිසිදු හෝ ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වී ඇති බවද ඔවුන් කාරක සභාවට අවධාරණය කර තිබේ.

    මෙම ජලකාන්දුව වැළක්වීමේ මුවාවෙන් යම් ව්‍යාපාරයක් අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන බවද එම නිලධාරීන් කරුණු දක්වමින් කාරක සභාවට දැනුම් දී ඇත.

    මෙදින කාරක සභාවේදී ලංකා විදුලි පුද්ගලික සමාගමේ 2021 වසරේ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ 2021 වසරේ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා එනර්ජිස් පුද්ගලික සමාගමේ 2018,2019,2020, සහ 2021 යන වර්ෂ වල වාර්ෂික වාර්තා සළකාබැලීම සිදුකර තිබේ.

    මේ අතර වර්තමාන වන විට මෙරට තුළ සුහුරු විදුලි මීටර (Smart electricity meter) ලබා ගත් විදුලි පාරිභෝගිකයින් 60,000ක් පමණ සිටින බවත් මේ වසර තුළ තවත් සුහුරු විදුලි මීටර 30,000ක් සවි කිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීන් කාරක සභාවට දැනුම් දී ඇත.

    මෙහිදී සුහුරු විදුලි මීටර ලබා ගත් විදුලි පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්ධි කර නැවත එම සබඳතාවය ලබාදීමේදී මුදල් අය කිරීමකින් තොරව එම සබඳතාව ලබාදෙන ලෙස කාරක සභාව නිර්දේශයක් තබා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202608 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.