මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින සංවේදී වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ කඳින් වෙන්කළ කාන්තා හිස කොටසක් රැගත් පුද්ගලයෙකු මහමග ගමන් කරන ආකාරයයි.
මෙම අතිශය සංවේදී සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවෙනි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ජීවත්වන 30 හැවිරිදි වියේ පසුවන අනිල් කුමාර් නමැති පුද්ගලයා මෙලෙස මාර්ගයේ ගමන් කරන්නේ කපා වෙන්කළ සිය බිරිඳගේ හිස රැගෙනයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති ඔහුගේ බිරිඳ 28 හැවිරිදි වියේ පසුවෙයි.
වසර කිහිපයකට පෙර විවාහ වී ඇති ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ද සිටින බව අනාවරණය වී තිබේ.
ඔවුන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් සැකකාර සැමියා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට එරට පොලීසිය සැකපළ කරයි.
පසුව සිය බිරිඳගේ හිස සහ එය කපා වෙන්කිරීම සඳහා භාවිත කළ පිහිය ද අතැතිව මාර්ගයේ ගමන්කරමින් සිටි මෙම සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර ප්‍රශ්නකිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තමන් භාරවීම සඳහා පොලීසියට පැමිණි බවය.
ඔවුන්ගේ නිවසේ තිබී හමුවූ ආදර හසුනක් සම්බන්ධයෙන් සැකසිතී කළ ප්‍රශ්නකිරීම්වලදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුවූ බවට පොලීසිය සැකපළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.