Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 2025

    හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රටවල් 37ක නියෝජිතයන් දිවයිනට
    Local News

    රටවල් 37ක නියෝජිතයන් දිවයිනට

    By LFNFebruary 17, 2024No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක නියෝජිතයන් අද (17) දිවයිනට පැමිණීමට නියමිත ව තිබේ.

    එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා – පැසිෆික් කලාපීය සමුළුව ලබන 19 වැනි දා සිට 22 වැනි දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙම සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ අවසන් සාකච්ඡාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විණි.

    මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින් 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත ව තිබේ.

    මීට සමගාමී ව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද හෙට මෙරටට පැමිණීමට නියමිතයි.

    චීනය, මැලේසියාව, ජපානය, පාකිස්තානය, බංග්ලාදේශය ආදි රටවල් රැසක කෘෂිකර්ම අමාත්‍යවරුන් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බව ද සඳහන් ය.

    සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය හා පැවති ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයන් පිරිසක් එකවර සහභාගි වන සමුළුව මෙය වන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 20250124 Views

    තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ…

    හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.