චීනය පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ කාර්මික ක්ෂේත්රය තුළ රැකියා පුරප්පාඩු පවතින නමුත් ඊට සරිලන පුහුණු ශ්‍රම බලකායක් නොමැති බව එලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය 2022දී නිකුත් කළ වාර්තාවකට අනුව චීනය තුළ බරපතළ ලෙස ශ්‍රම හිඟයකට මුහුණ දෙන අංශ 100ක් හඳුනාගෙන ඇත.
ඉන් ඛාණ්ඩ 41 ක් නිෂ්පාදන ක්ෂේත්රයේ බව පැවසෙයි.
පවතින තත්ත්වය අනුව 2025 වනවිට චීන නිෂ්පාදන අංශය පුහුණු ශ්‍රමිකයන් මිලියන 30 ක හිඟයකට මුහුණ දෙනු ඇතැයි ද එරට මානව සම්පත් හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශය අනතුරු අඟවා තිබේ.
චීනයේ වෘත්තීය අධ්‍යාපන ක්‍රමයට සමාජය තුළ පවතින පිළිගැනීම සහ ගෞරවය පහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බව පැවසෙයි.