ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මාධ්‍ය කළ විමසීමකදී සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඒ බව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ ඒ සඳහා විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකරන බවය.
එසේම මේ සඳහා දේශීය ආයෝජකයින්ට ද අවස්ථාව හිමිවන අතර ඒ සඳහා සිදුකරනු ලබන ආයෝජනයන් ඩොලර් මගින් සිදුකිරීම කළයුතු බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.