මව පියා හා තුන් හැවිරිදි දියණියක ගමන් ගත් තීරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම කොස්වත්තපාර පදිංචිව සිටි ආර් ඒ තනූජා ප්‍රියදර්ශනී (40) එක්දරු මවකි.
ත්‍රී රෝද රථය හොරණ සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේදී මාර්ගයේ පිටුපස සිටි මියගිය කාන්තාවක් සැමියා අමතා ඔන්න බස් එකක් එනවා යැයි පැවසීමත් සමඟම ඔහු එකවරම තීරෝද රථය වමට හැරවීමේදී ත්‍රී රෝද රථය මාර්ගයේ වට දෙකක් පෙරළී මීටර් කීපයක් ඉදිරියට ඇදී ගොස් පානදුර සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් ඇඹිලිපිටිය ඩිපෝවට අයත් බස් රථයේ ඉදිරි දකුණු පස බෆරරේ ගැටි නතර වී ඇතැයි පොලිසිය කියයි.