භූගත නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයන් හි මාර්ග කිහිපයක් අදියර 03ක් යටතේ අද (05) සිට වසා තැබෙන බව පොලීසිය පවසයි.
ඒ අනුව අද සිට ලබන 19 වනදා දක්වා උත්තරානන්ද මාවත, නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබෙන බව පොලීසිය පැවසුවේය.
පෙබරවාරි 20 වනදා සිට මාර්තු 04 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටස වසා තැබෙන අතර එහි තුන්වන අදියර ලෙස මාර්තු මස 05 වනදා සිට 11 වනදා දක්වා උත්තරානන්ද මාවත, පෙරහැර මාවත ආශ්‍රිතව රොටුන්ඩාගාඩ්න් මංසන්ධිය කොටස වසා තැබේ.